27 April 2024

රීෂාඩ්ව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි කරවන්නැයි CIDට දන්වයි

අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළහොත් ඒ මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගීවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා ඇත.

කොවිඩි අසාධ්‍ය රෝගීන්ට KDU රෝහලේ සේවා පහසුකම් – සෞඛ්‍ය ඇමැතිනි

දැනට රට පුරා ව්‍යාප්ත වන කොවිඩ් -19 තෙවන රැල්ල හේතුවෙන් කොවිඩ් ආසාදනය වී අසාධ්‍ය වන රෝගීන්ට හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීමට ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර සේවා පවත්වාගෙනයාමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ජනාධිපති කාර්යාල සේවා සන්නිවේදන මාධ්‍ය මගින්

උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොවිඩ් තුන්වන රැල්ල පාලනය ජනපති උපදෙස් දෙනවා – රාජ්‍ය අමාත්‍ය ලාන්සා 

කොවිඩ් 19 තුන්වෙනි රැල්ල පාලනය කිරීම සදහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සෞඛ්‍ය අංශ හා අදාළ විශේෂඥයින්ගේ උපදෙස් මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

පොලිස් වසම් කිහිපයක් හුදෙකලා කරයි

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, නාවුල සහ මාතලේ පොලිස් වසම් පොලිස් වසම් අද(30) උදෑසන 6.00 සිට හුදකලා(Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රියාද් හි පිටුවහල් කිරීමට සිටි ශ්‍රී ලාංකිකයින් පළමුවැනි කණ්ඩායම හෙට දිවයිනට

සවුදි අරාබියේ රියාද් හි ‘ටාර්හීල්’ නම් පිටුවහල් කිරීමට නියමිත අයවලුන් රඳවා තබා ගන්නා කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන්ගේ පළමුවැනි කණ්ඩායම හෙට (30) දින නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

කොරෝනා යළි මතුවෙනකොට සයිබර් තර්ජන වල ක්‍රියාකාරීත්වයේ ඉහල යාමක්

COVID-19 වයිරස තත්වය යලිත් ශ්‍රී ලංකාව තුල හිස එසවීමත් සමගම මෙම තත්වය උපයෝගීකරගනිමින් සිදුවන සයිබර් ප්‍රහාර වල ඉහල යාමක් ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.