27 April 2024

ජනපති නිවස වැටලු විරෝධතාකරුවන්ට කදුළු ගෑස් හා ජල ප්‍රහාරයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට යන මිරිහාන මාර්ගය වසමින් විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන්ට අධි පීඩන ජල හා ඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් මීගමුවේදී නාවික හමුදා භාරයට

මීගමුව, දූව කළපු ප්‍රදේශයේ අද (31) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 249 ග්‍රෑම් 900 කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ කුඩා කාර් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ජනතාවගේ ජීවනෝපාය ගොඩනැගෙන ව්‍යාපෘති සදහා අනුමැතිය ලබාදිය යුතුයි – ඇමැති ඩග්ලස්

රටේ ජනතාව මුහුණ පා ඇති තත්වයෙන් ගොඩ ගැනීමට රටේ සෑම ප්‍රදේශයකම ජිවනෝපාය සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ආරම්භකළ යුතු බව කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ක්ෂේත්‍ර කිහිපයකට තවත් රටවල් තුනක සහාය – ජනාධිපති මාධ්‍ය 

බලශක්ති, සංචාරක, විදේශ රැකියා සහ තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවර්ධනයට බ්‍රිතාන්‍ය, දකුණු කොරියාව සහ ඊජිප්තුව යන රටවල සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන බව අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවීම්වලදී සඳහන් කෙරිණ.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත්කළ යුතුයි -ආචාර්ය හර්ෂ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයද සම්පුර්ණයෙන් ඉවත්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ලංකාවේ ප්‍රථම ජාතික කුළුබඩු උද්‍යානය අනුබද්ධ වෙළෙඳ සැල විවෘත කෙරේ 

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අභිනවයෙන් ඉදිකරන ලද ජාතික කුළුබඩු උද්‍යානයට අනුබද්ධ කුළුබඩු වෙළෙඳසැල සහ තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරිම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

වතු සේවකයන්ට අසාධාරණව සැලකීම වලක්වන්න නව නීති ගෙනවා – ඇමැති නිමල්

වතු කම්කරු ජනතාවට සාධාරණව කම්කරු නීති රීතිවලට අනුකූලව යහපත් සේවා තත්ත්වයක් උදාකරදීමට වතු කම්කරුවන්ගේ යහපත උදෙසා නව නීතිරීති පැනවීමට සිදුවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ගෝලීය අර්බුදයෙන් බිඳ වැටෙන ආර්ථිකයත්, ජනතාවත් ගොඩනැගීමට රටවල් අතර සහයෝගීතාව අවශ්‍යයි – ජනපති

වර්තමානයේ පවතින ගෝලීය අර්බුදයෙන් බිඳ වැටෙන ආර්ථිකය ගොඩනැගීමට සහ දරිද්‍රතාවෙන් පීඩාවට පත් ජනතාව සමෘද්ධිමත් කිරීමට ජාත්‍යන්තර සහ කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.