27 April 2024

කෘතිම බුද්ධිය භාවිතය රට තුළ ප්‍රවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බලකායක්

කෘතිම බුද්ධිය (Artificial Intelligent) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් සකස් කල යුතු බව ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“Women Plus Bazaar 2023” ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ශ්‍රී ලාංකීය කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ප්‍රථම වරට සංවිධානය කරන ලද “Women Plus Bazaar 2023” ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ආරම්භ විය.

‘සැපයුම් සම්මන්ත්‍රණය- 2023’ ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ

‘සැපයුම් සම්මන්ත්‍රණය – 2023’ සහ 07 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රධානය කිරීම ඊයේ (29) සහ අද (30) දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

මන්ත්‍රී අමරකීර්තිගේ ඝාතනය පිළිබඳව ඇමති ප්‍රසන්න පොළොන්නරු ජනතාවගෙන් සමාව අයදියි

ඊනියා අරගලකරුවන් විසින් ගම්පහ නිට්ටඹුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පුරවැසියකු ලෙස තමන් පොළොන්නරුව ජනතාවගෙන් සමාව අයදින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

2048 වසර වන විට සංවර්ධිත රටක් වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතු බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

වර්තමානයේදි රට තිරසර සංවර්ධනය කර යන ගමනේ දි සියලු පාර්ශ්වයන් එක් වි මුළු රටම වැඩබිමක් බවට පත් කළ යුතුව ඇති බවත් 2048 වසර වන විට සංවර්ධිත රටක් වෙනුවෙන් සියලු දෙනා කැපවි කටයුතු කළ යුතු බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ගාලු සාහිත්‍ය උළෙල යළි උත්කර්ෂවත්ව -ජනපතිගෙන් උපදෙස්

වසර කිහිපයක් නොපැවැත්වුණු, ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍ය උළෙලක් වන ගාලු සාහිත්‍ය උළෙල (Galle Literary Festival) සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් යළි උත්කර්ෂවත්ව පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව ජනාධීපති මාධ්‍ය අංශය පවසයි.

IMF විස්තීර්ණ අරමුදල සම්බන්ධ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

IMF විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනාව සම්මතය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මතයි.

සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණික විපර්යාස සඳහා මුහුණ දීමට සහාය වනවා – ජනපති

ලෝකයේ දේශගුණික විපර්යාස අවම කිරීම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් කළ නොහැකි බවත් පරිසරය දූෂණය කිරීමට වඩාත්ම වගකිව යුතු සංවර්ධිත රටවල් අරමුදල් සැපයීම හරහා ඊට දායකවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ප්‍රොජෙක්ට් රන්’ සම්මානලාභී පාසල් සඳහා සම්මාන පිරිනැමිම අගමැති ප්‍රධානත්වයෙන්

මදර් ශ්‍රී ලංකා භාරය මඟින් ක්‍රියාත්මක කළ ‘අපෙන් රටට – රට නැගුමට’ යන තේමාව ඔස්සේ ප්‍රොජෙක්ට් රන් වැඩසටහනේ ත්‍යාග ප්‍රධානෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඒකාබද්ධ වූ සියලුම පක්ෂ සමඟ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේදි- මන්ත්‍රී රෝහිත

සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සාර්ථක මැයි දින රැළියක් බවට පත් කරලීමට කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.