27 April 2024

මෛත්‍රිට වඩා කෑ ගැහුවේ රනිල් ..! ජවිපෙ අනුර කියයි

2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනටත් වඩා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කෑමොර දුන්නේ රනිල් වික‍්‍රමසිංහ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

බර්ටි දිසානායක රංග ශාලාව හිටපු ඇමැති දුමින්දගේ නිරික්ෂණයට

ජනතා අයිතියට පත් කිරීමට නියමිත අනුරාධපුර බර්ටි දිසානායන රංග ශාලාව හා පුහුණු ආයතනයෙහි ඉදි කිරිම් කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා විසින් පසුගියදා නිරීක්ෂණය කරනු ලැබීය.

ඇමැති මංගලගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 යි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන උත්සවය අද (28) පස්වරු 3.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ලංකා සීනි සමාගමේ නව සභාපති රජිව් සෙනවිරත්ත පත් කරයි

ලංකා සීනි සමාගමෙහි නව සභාපති ලෙස රජිව් සෙනවිරත්න මහතා සහ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ගාමිණී විජයරත්න මහතා පත් කර තිබේ. අදාළ පත්වීම් ලිපි ඊයේ (27) දින වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා අතින් ලබා දී තිබේ.

මෙරට නිෂ්පාදිත මුල්ම මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකාව පළමු වරට පසුගියදා නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

පොලිටිකල් අයින් කරන්න ඕනෑ බව අගමැති කියයි

පොලිසිය ස්වාධීන කර මත්ද්‍රව්‍ය මර්ධන වැඩසටහනින් දේශපාලනය ඉවත්කළා සේ ක්‍රීඩාවෙන්ද දේශපාලනය ඉවත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යාන්ත්‍රික කියත් ලියාපදිංචිය හෙටින් අවසන්

මෙරට භාවිත කරන යාන්ත්‍රික කියත් (Chainsaw machines) ලියාපදිංචි කිරීම සඳහා ලබා දී තිබු කාලය හෙටින් (28) අවසන් වන බව ආරක්‍ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.

වැනෙන් නැති ආණ්ඩුවක් … 2020 දී අලුත් ජනාධිපති කෙනෙක් … ඇමැති පාඨලි චම්පික

ඉදිරියේදී වැනෙන් නැති ආණ්ඩුවක් අවශ්‍ය බවත් මේ වසරේ ඔක්තෝම්බර් මාසේ 5 වෙනිදායින් පස්සේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

වරද පිළිගත් සනත්ට වසර 02 ක තහනමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා තිබේ.

හේමසිරි “The Viceroy Special” භාරත තෙන්නකෝන්ගේ අනුවාදයක් ලෙස එළිදක්වයි

හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රචිත ද වයිස්රෝයි ස්පෙෂල් කෘතියේ සිංහල අනුවාදය, භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්ගේ නිර්මාණයක් ලෙස ලබන මාර්තු මස 6 වැනිදා පස්වරු 3.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජස්මින් කමිටු ශාලාවේදී එළිදැක්වීමට නියමිතයි.