27 April 2024

ඉන්ධන බෙදා හැරීමට නව බලපත්‍ර – ඇමැති කාංචන

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ප්‍රවාහනයට මෙතෙක් බලපත්‍ර ලබා නොදුන් සහ ලබා ගැනීමට නොහැකිවූ නව ප්‍රවාහනකරුවන්ට කඩිනමින් නව බලපත්‍ර ලබා දීමටත්, සේවයට වාර්තා නොකරන බලපත්‍රලාභින්ගේ බලපත්‍ර අහෝසි කිරීමටත් තීරණය කල බව බලශක්ති හා විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ළඟදීම ඉදිරිපත් කරනවා – විපක්ෂනායක සජිත්

ලබන පාර්ලිමේන්තුවාරය තීරණාත්මක බවත් ජන අරගලයට ශක්තියක් වෙමින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය එම සතිය තුළ ගෙන එන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉන්දියානු රජය විසින් අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගයක්

ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද ඇමරිකානු ඩොලර් 15415 ක් වටිනා ඖෂධ තොගයක් ඊයේ (29) ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත කොළඹ වරායේදී භාර දෙන ලදි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ඉදිරි වැඩපිළිවෙළ ඇරඹේ

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

විදේශ ශ්‍රමිකයින්ට මෙරටින් වාසි රැසක් – රාජ්‍ය අමාත්‍ය රෝහණ

අපේ රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් වශයෙන් විදේශගත ශ්‍රමිකයිගෙන් ඩොලර් මෙරටට ගෙන්වා ගැනීම සඳහා උනන්දු කිරිමත්, අවශ්‍ය කටයුතු කිරිමටත් සියලුම රාජ්‍ය නිලධාරින් වග බලා ගත යුතු බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Gharial’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් Landing Ship Tank වර්ගයට අයත් ‘INS Gharial’ නෞකාව අද (29) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවේ තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය බීජිං නුවරදී විවෘත කෙරේ

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීනයේ ශ්‍රී ලංකා වෙළෙඳ හා ආර්ථික සහයෝගීතා සංගමය (CSLATE) සහ සීමාසහිත බීජිං වන්හොංග්තායි ටෙක්නොලොජි සමූහ සමාගම සමඟ එක්ව, චාඕයැංග් දිස්ත්‍රික්කයේ සුප්‍රකට ෂීයු ෂුයි වීදියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය පසුගිය 20 වනදා විවෘත කළේ ය.

ගෑස් නොමැතිකමින් මාතලේ හෝටල් වැසි යාමේ තත්වයක්

දින ගණනාවක සිට මාතලේ ඇතුලු ප්‍රදේශ ගණනාවකට පවතින ගෑස් හිගය හේතුවෙන් මාතලේ නගරයේ ඇතුලු ප්‍රදේශවල ආපන ශාලා හෝටල් වසා දමා ඇති අතර බේකරි රැසක්ද වසා දැමිමට සිදුවන බව ව්‍යාපාරිකයෝ පවසයි.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 සිට පැවැත්වීමට සියල්ල සුදානම්

අර්බුදකාරී පරිසරය නිසා පැවැත්වීමට නොහැකි වූ 2021 වර්ෂයට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන මැයි මස 23 සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මාතලේ ළමා උද්‍යානය අපවිත්‍රවෙලා – වහාම පිරිසිදු කරන්න – ආණ්ඩුකාර ලලිත්

මාතලේ මහ නගර සභාව යටතේ පාලනය වන ළමා උද්‍යානයේ පොකුණ ඇතුලු අනෙකුත් දැ අපවිත්‍ර වි ඇති බවට ජනතාවගෙන් තමා වෙත පැමිණි ලැබි ඇති බවත් ඒ පිළිබදව වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස නගර සභා බලධාරින්ට උප‍දෙස් දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසිය.