27 April 2024

ජනාධිපතිවරණය දෙසැම්බර් 07 වනදා – ජනපති

ජනාධිපතිවරණය දෙසැම්බර් මස 07 වැනි දා පවත්වන බව මැතිවරණ කොමිසම පවසා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දියාවේදී පවසයි. ජනාධිපතිවරයා කියා සිටියේ මේ වන විටත් කිසිදු පක්ෂයක් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට කටයුතු නොකර ඇති බවයි.

පාර්ලිමේන්තුව ගත් තීරණයක් කඩන්න කාටවත් බෑ – ඇමැති කිරිඇල්ල කියයි

සමෘද්ධි සහනාධාරය හරහා ජනතාව උසස් ජීවන මට්ටමක් ලඟාකරගැනිම රජයේ අපේක්ෂාව බව රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

මෛත්‍රි – මෝදි අතර සාකච්ඡාවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා අද (31දා) පවත්වා තිබේ.

අනාගතයේ දී ISIS ත්‍රස්තයිනට මෙරට ඇතුල්වීම වැලැක්විය යුතුයි – අගමැති

මේ වන විට ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සහ සහරාන්ගේ ජාතික තවුහිද් ජමාත් කල්ලිය සම්පූර්ණයෙන් නැති කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නායකත්වය ගැන තීරණයක් ගන්න ජනතාවට පුළුවන් – ඇමැති සජිත් කියයි

රටේ ඉදිරිගමන, නායකත්වය හා ජාතික වැඩපිළිවෙල තීරණය කිරීමට මෙම වසරේදී ජනතාවට අවස්ථාව හිමිවන බවත් රණසිංහ ප්‍රේමදාස නාමයෙන් එම ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට තමන් ඇප කැප වන බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විදෙස් ගමන් බලපත් ගාස්තු සංශෝධනය කෙරේ

විදේශ ගමන් බලපත් ගාස්තු 2019 ජුනි මස 01 වැනිදා සිට සංශෝධනය කොට ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව එම සංශෝධන කළ විස්තර පහත පරිදි දක්වා තිබේ.

ජනපති එකඟ වෙනකම් රතන හිමි උපවාසයක

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ ‍කර්මාන්ත හා වාණිජ කටයුතු සහ සමුපාකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් සිය ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයක් ආරම්භ කර තිබේ.

බෝම්බ ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ ක්ෂේත්‍ර රැසකට සහන පැකේජයක් – මුදල් ඇමති

අප්‍රේල් 21 වැනි දා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂේත්‍ර රැසකට බලපැවැත්වෙන පරිදි සහන පැකේජයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ප්‍රහාරය ගැන ජනපති දැනුවත් වී නෑ – ජනපති මාධ්‍ය අංශය

අප්‍රේල් 21 සිදුවීම සිදුවිය හැකි බවට විදේශ මිත්‍ර රටකින් ලබා දී තිබූ කිසිදු තොරතුරක් පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා හෝ වෙනත් නිලධාරියකු විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කිරීමට පියවර ගෙන නොතිබු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කුවේට් රැකියා සදහා යන ශ්‍රමිකයින්ට රක්ෂණ ක්‍රමයක්

කුවේට් රාජ්‍යයේ ගෘහස්ථ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් සදහා 2019.06.03 දින සිට එරට තුළ ක්‍රියාත්මක වන රක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වා දී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.