27 April 2024

ආයෝජකයින් දිරි ගැන්වීමට කෙරවලපිටිය කර්මාන්තපුර මාර්ගය කඩිනමින් සංවර්ධනයට පියවර

දෙස් විදෙස් ආයෝජකයින් රැසක් සිය කර්මාන්ත පවත්වාගෙන යන වත්තල, කෙරවලපිටිය කර්මාන්තපුර මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කරන්නැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

පරිවාස භාරයේ සිටින දරුවන් නිවැරදි වෘත්තීය දිශානතියකට යොමු කිරීමේ වැඩපිළිවෙලක්

පරිවාසභාරයේ සිටින ළමුන්ට නිවැරදි වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුම සඳහා කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ මහත්මිය විසින් අත්සන් කිරීම් සිදු කරන ලදී.

හෙට සිට කොවිඩ් පාලනයට වෙනදාටත් වඩා සහය දෙන්න – සෞඛ්‍ය ඇමති කෙහෙලිය කියයි

සෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන්ගේ කැපවීම මත මේ වන විට යම්තාක් දුරට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරගැනීමට හැකි වූ බවත් එය තවදුරටත් පාලනය කරගැනීම සඳහා රට විවෘත කෙරෙන හෙට දවසේ සිට උපරිම ජනතා සහයෝගයක් සමස්ත ජනතාවගෙන්ම අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

එළැඹෙන 04 වනදා සිට පාර්ලිමේන්තුව දින 5ක් රැස් වේ

පාර්ලිමේන්තුව රැස්වීම් එළැඹෙන 04 වනදා සිට එම සතියේ දින 5ම පැවැත්වීමට අද (30) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

ඇත්ත කියන අය දඩයම් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව විපක්ෂනායක කියයි

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිදුවීම ගැන ඇත්ත කියපු මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා මෙලෙස ප්‍රශ්න කරමින් ආණ්ඩුව සැබෑ ප්‍රශ්න යට ගසන ව්‍යාපෘතියක නියැලී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කර්මාන්ත අංශ 19කට ගැටළුවලට කඩිනමින් විසඳුම් දෙනවා – කර්මාන්ත අමාත්‍ය විමල් 

කර්මාන්ත අංශ 19කට අදාළව, කොවිඩ් වසංගත තත්ත්වය සහ ආනයන සීමා පැනවීම තුළ මතුව ඇති හඳුනාගත් ගැටළුවලට මුදල් අමාත්‍යාංශය – මහබැංකුව – රේගුව යන පාර්ශ්ව තුන සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් සේවා ඇරඹීමට ගුවන් සමාගම් 07 ක් සුදානමින්  – ඇමති ප්‍රසන්න

ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් සේවා ඇරඹීමට ගුවන් සමාගම් 07 ක් සුදානම් වෙමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ලබන වසරේ මැයි මස 2- 5 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත බව මුදල් අමාත්‍යංශය පවසයි.

ව්‍යවසායිකයින්ට නව නිර්මාණ කිරීමට සහාය ලබා දිය යුතුයි – මධ්‍යම පලාත් ආණ්ඩුකාර

අන්තර්ජාතිකව මෙන්ම රට තුලත් ව්‍යවසායිකයින්ට විධිමත් අවස්ථාවන් නිර්මාණය කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.