27 April 2024

හොඳම භාවිතය 2022” සඳහා යුරෝපීය සම්මානය හිමිකර ගත් පීපල්ස් ලීසිං සමාගම සිය සම්මානය ජනපතිට පිළිගන්වයි

පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයිම සදහා පිරිනමන “හොඳම භාවිතය 2022” (Best Practices 2022) සම්මානයෙන් පිදුම් ලැබීය.

ආහාර ආශ්‍රිත නව නිපැයුම් හා පර්යේෂණ වානිජකරණය කිරීමේ කර්මාන්ත අමාත්‍යංශ ක්‍රියාන්විතය අරඹයි

මෙරට ආහාර නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත නවෝත්පාදන හා පර්යේෂණ වානිජකරණය කිරීමේ අරමුණෙන් කර්මාන්ත අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු විශේෂ වැඩසටහන ඊයේ (30) බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී ආරම්භ කෙරිණ.

පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගී රැකගෙන ඉදිරි පරම්පරාව වෙත භාරදිය යුතුයි – අමාත්‍ය විදුර

පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගී ශෛලිය ලෝකයේ වෙන කිසිම තැනක නොමැති බවත්, එය අපිටම ආවේනික වූ කලාවක් බවත් මෙම උරුමය රැක ගැනීම සංරක්ෂණය කිරීම හා ඉදිරි පරම්පරාව වෙත පවරාදීම සම්බන්ධයෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

INSEE සිමෙන්ති, ආයතනික මාර්ග ගමනාගමන ආරක්ෂණ පද්ධතිය සඳහා ගෝලීය සහතිකයක් දිනා ගනී

ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති සන්නාමය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව විසඳුම් සපයන ප්‍රමුඛතම ආයතනයක් වන INSEE සිමෙන්ති සමාගමේ මාර්ග ගමනාගමන ආරක්ෂණ (RTS) කළමනාකරණ පද්ධතිය ISO 39001:2012 සහතිකයෙන් පිදුම් ලබා ඇත.

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්, එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රටට අවශ්‍ය නිවැරදි න්‍යාය පිළිබඳ විපක්ෂ නායක සජිත් විද්වතුන්ට හමුවේ හෙළි කරයි

අප රටට නිසි න්‍යායක් අවශ්‍ය බවත් ඒ න්‍යාය රටට ගැලපිය යුතු බවත් මේ රටේ හැමදාම දෝලනය වූයේ අන්ත ධනවාදය හෝ අන්ත සමාජවාදය වුවත් සමගි ජන බලවේගය විශ්වාස කරන්නේ තුන්වැනි මාවත වන මානුෂීය ධනවාදය අගය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දූෂණ විරෝධි පනත මේ වන කොට කෙටුම්පත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ කියයි

එක්සත් ජාතීන්ගේ සම්මුතියට අවශ්‍ය කරුණු සියල්ලම මෙම දුෂණ විරෝධි පනත සැදීම සඳහා යොමුකර තිබෙන අතර ප්‍රජාතන්ත්‍රවාදි රටක විනිවිදභාවයත්, දූෂණයෙන් තොර බවත් නිර්මාණය කිරීමට නොහැකි නම් අනෙකුත් සියලු කාරණා සංවර්ධනය කිරීමට සූදානම් වුවද එය සාර්ථක නොවන බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

මාතලේ සුනඛ ගහනය පාලනයට වන්ධ්‍යාකරණ වැඩසටහනක්

මාතලේ නගරයේ සුනඛ ගහනය අඩු කිරිම සදහා සුනඛයින් වන්ධ්‍යාකරණ වැඩසටහනක් ආරම්භ කර ඇති බව මාතලේ නාගරික කොමසාරිස් යුරේෂ් නිශාන්ත මාදුවගේ මහතා පවසයි.

පිලිප් ගුණවර්ධන 51 වන ගුණසමරුව ජනපති ප්‍රධානත්වයෙන්

මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වන ගුණසමරු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (29) පස්වරුවේ පැවැත්විණි.

2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්‍ෂණ දැනුමෙන් සන්නද්ධ විය යුතුයි – ජනපති

රටේ සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්‍ෂණයේ සියලු අංශ පිළිබඳ දැනුමෙන් සන්නද්ධ විය යුතු බවත්, තාක්ෂණයේ නවතම දියුණුවත් සමග යාවත්කාලීන වෙමින් අනාගතය සඳහා සූදානම් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.