27 April 2024

මත්ද්‍රව්‍ය පිටු දැකීමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

බලපත්‍රලාභී සුරා බදු බල ප්‍රදේශ හැර අන් සියලු පෙදෙස් නීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය මුක්ත කලාප බවට පත් කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් අරඹා ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

මාකදුරේ මධුෂ්ගේ හෙළි කිරිම් ගැන ඇමැති රාජිතගෙන් අනාවරණයක්

තුට්ටු දෙකේ දේශපාලනඥයින් හත් දෙනෙකුගේ දේශපාලන ජාවාරම් මාකදුරේ මධූෂ් විසින් හෙළිකර ඇති බවත්, ඔවුන්ගේ නම් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලින්යෙන් පසු ජනතාවට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අනුරාධපුරය සංවර්ධනය කටයුතු කඩිනමින් – ඇමති චම්පික

අනුරාධපුරයේ ජලය බැස යන ජල මාර්ග 6 ක් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත්, දුම්රිය, බස් නැවතුම්පල සහ සියළු ප‍්‍රවාහන මාදිලි එකට යාකෙරෙන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති බවත් මහනගර ඇමති චම්පික රණවක මහතා පවසයි.

ජුලි පලමු වෙනිදා එජාපයේ පිබිදීමක් – ඇමැති රවි කියයි

ජූලි මාසේ 01 දා සිට එක්සත් ජාතික පක්ෂය යළි පිබිදිමක් තුළින් ගමන් ආරම්භ කරන බවත් බාහිර පාර්ශවයන් පතුරුවන කතාවල සත්‍යතාවක් නොමැති බවත් එ.ජා.ප. ජනාධිපති අපේක්ෂකයා පිළිබද තවමත් දැනුවත් වී ඇත්තේ පක්ෂ අභ්‍යන්තරය පමණක් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

පුරා වස්තු සෙවීමේ අරමුණින් කැණිම් කල පුද්ගලයින් 4 අත්අඩංගුවට

අරලගංවිල, දයාසිරිගම ඇල්ලේ වැව ප්‍රදේශයේ ඉඩමක ඊයේ (28) පස්වරුවේ නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණිම් කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ඔවුන් කැණීම් සිදු කිරීම සඳහා උපයෝගි කරගන්නා ලද දේපල සමඟ බව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ජය ගනි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 03ක් තුල සියල්ලන් දැවී ලකුණු 203ක් රැස් කළා.පසුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිල පන්දු වාර 37 පන්දු 2 කදී ලකුණු 206 ක් ලබා ගත්තේ කඩුළු 01 ක දිය.

මරණ දණ්ඩණය ආපසු හැරවීමට කිසිවෙකු උත්සහා නොකළ යුතුයි – ජනපති

පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් ප්‍රමුඛ ලක්ෂ සංඛ්‍යාත තරුණ ජීවිත බිලිගනිමින් දිනෙන් දින ව්‍යාප්තවන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම වළක්වමින් ජාතියේ සහ මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධයෙන් නව සන්ධානයක්

ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු අනෙකුත් මැතිවරණ සදහා සන්ධානයකින් තරග කිරිමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ ඇතුලූ සංවිධාන රැසක් තීරණය කරයි.

ශ්‍රී ලංකාව සහ ශාන්ත ලුසියා රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ශාන්ත ලුසියා රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට දෙරටේ රජයන් තීරණය කොට තිබේ. එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ආචාර්ය අම්රිත් රොහාන් පෙරේරා සහ එක්සත් ජාතීන් සඳහා වූ ශාන්ත ලුසියා නිත්‍ය නියෝජිත තානාපති කොස්මොස් රිචඩ්සන් යන මහත්වරුන් විසින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීමේ ගිවිසුමට 2019 ජූනි 25 […]

හරවා යැවු රිෂාඩ් අද පලමු සාක්ෂිකරු වශයෙන් කැඳවයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුව අද (28) පස්වරු 2 ට රැස්වෙයි. අද දිනයේදී පලමු සාක්ෂි ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතා කැඳවා තිබේ.