27 April 2024

සෑම රාජ්‍ය ආයතනයකම විධිමත් ප්‍රථමාධාර පුහුණු ලාභියෙකු සිටිය යුතුයි

සේවා කාර්යාල පද්ධති ඇතුළත විවිධාකාර වූ හදිසි අනතුරුවලට සේවකයන් ලක්වීම හැමවිටම වාර්තා වන කාරණයක්.එම නිසා සෑම රාජ්‍ය ආයතනයකම විධිමත් ප්‍රථමාධාර පුහුණුව ලද එක් සේවකයෙකු හෝ සිටීම ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇතැයි ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජේෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා පවසයි.

ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හා පෞද්ගලික ආරක්‍ෂක නියෝඡ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම ආරම්භ කෙරේ

2024 වර්ෂය වෙනුවෙන් ගිනි අවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින්/ ආයතන විසින් සිය ගිනිඅවි (තුවක්කු) බලපත්‍ර අළුත් කිරීම 2023.10.01 දිනෙන් ආරම්භ වී 2023.12.31 දිනෙන් අවසන් කිරීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

සමාජ සුබසාධන ව්‍යාපෘතියක් කිරීමට පෙර දරිද්‍රතා රේඛාව හරියට හඳුනාගන්න අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්

අස්වැසුම වැඩසටහන ආරම්භ කිරීමට පෙර අප රට තුළ ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාව හදුනා ගෙන දුප්පත් හා දුප්පත් නොවන අය හඳුනා ගෙන එය ක්‍රියාත්මක කල යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විශිෂ්ටයන් ඇගයීම වෙනුවෙන් අලියාන්ස් ලංකා ප්‍රථම වරට අර්ධ වාර්ෂික සම්මාන උලෙළක් පවත්වයි

අලියාන්ස් ලංකා සමාගම ප්‍රථම වරට අර්ධ වාර්ෂික සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු කළ අතර, එය 2023 අගෝස්තු 18 වන දින කුරුණෑගල Epitome හි දී පැවැත්විණි.

ජනපති සහ ජර්මනියේ ෆෙඩ්‍රික් – ඊබට්-ස්ටිෆ්ටුන්ග් හි සභාපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මනියේ ෆෙඩ්‍රික් – ඊබට්-ස්ටිෆ්ටුන්ග් (Friedrich Ebert Stiftung) හි සභාපති මාර්ටින් ශුල්ස් මහතා (Martin Schulz) අතර හමුවක් පසුගියදා බර්ලින් නුවරදී සිදු විය.

වෙරළ සංරක්ෂණය අරමුණු කර ගනිමින් අලියාන්ස් ලංකා සහ Pearl Protectors සංවිධානය අත්වැල් බැඳ ගනියි

පාරිසරික භාරකාරත්වය සහ සංස්ථාපිත වගකීම සම්බන්ධයෙන් ආදර්ශයක් ලබා දෙමින් කටයුතු කරන අලියාන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ස්වභාවික සුන්දරත්වය නැවත ස්ථාපිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන Pearl Protectors සංවිධානය සමඟ, ‘Shore Love’ යනුවෙන් වෙරළ තීරය සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අත්වැල් බැඳ ගැනීම පසු ගිය දා සිදු කෙරුණි.

රටේ බංකොලොත් තත්ත්වයට සජිත්ගේ පියාත් වගකිව යුතුයි – ඇමති ප්‍රසන්න

වර්තමානයේදී රටේ ඇතිව තිබෙන බංකොලොත් තත්ත්වයට ජනාධිපතිවරයකු ලෙස කටයුතු කළ විපක්ෂනායකතුමාගේ පියාත් වගකිව යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජනපති සහ මැලේසියා අගමැති හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මැලේසියා අගමැති අන්වර් බින් ඊබ්‍රහීම් (Anwar bin Ibrahim) මහතා අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය.

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය හමු වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය.