27 April 2024

වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය – රාජ්‍ය අමාත්‍ය අනුරාධ

වැව් 5000 ප්‍රතිසංස්කරණය කිරීමේ වරි සෞභාග්‍යයා වැඩසටහනට මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සදහා සිවිල් ආරක්ෂක බලකායේ සහය ද ඉදිරියේදී ලබා ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

සේවය අවසන් කිරීමේ වන්දිය ලක්ෂ 25 දක්වා වැඩි කරයි – කම්කරු ඇමැති

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතන වල(සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන වල ) යම් සේවකයෙකුගේ සේවය අදාල ආයතනය අවශ්‍යතාව පරිදි අවසන් කරන්නේ නම් ඔහුට ලබාදිය යුතු උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඡන්ද බලාගෙන මිනිසුන් රවටන්නේ නැහැ -ඇමති ඩලස් මාතරදී කියයි

අද මේ සිදුකරන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව ජනාධිපතිවරයා රටට දීපු පොරොන්දුවක් ක්‍රියාත්මක කිරීමක් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ගුරු හිඟය පියවීමට අයැදුම්පත් කැඳවන්න – ජනපති ත්‍රිකුණාමලයේදී කියයි

දීර්ඝ කාලයක සිට පාසල්වල පවතින ගණිත, විද්‍යා, ඉංග්‍රීසි සහ පරිගණක තාක්ෂණ ගුරු පුරප්පාඩු පිරවීමට වහාම අයැදුම්පත් කැඳවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දෙයි.

යහපාලනය පත් කල ජනාධිපති කොමිෂන් සභාවේ වගකීම අපි භාර ගන්නේ නෑ – රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

පාස්කු ප්‍රහාරය පිළිබද සෙවීමට පත් කල ජනාධිපති කොමිෂන් සභාව යහ පාලන ආණ්ඩුව පත් කල එකක් බවත් එහි වගකීම අප භාර ගන්නේ නැති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

කොළඹ සියළුම ජේෂ්ඨයින්ට කොරෝනා එන්නත්කරණයට අවශ්‍ය සියළු දේ සුදානම් – නගරාධිපතිනිය පවසයි

සියලුම ජේෂ්ඨ පුරවැසියන් සඳහා කොරෝනා වෛරසය හේතුවෙන් ලබාදෙන Oxford-AstraZeneca එන්නත පෙබරවාරි 27 වන සෙනසුරාදා දින සිට දින 14 ක් ඇතුළත සියලු ජේෂ්ඨ පුරවැසියන් සඳහා එන්නත් කර අවසන් කිරීමට කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර ඇති බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

පාර හදන ගමන් රාජ්‍ය ඇමැති ලාන්සා නිවසක් එකක් කඩයක් දාන්න සැලසුමක්

මාර්ග සංවර්ධනයට සමගාමීව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකටම නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව නීතිපතිට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මං මෝඩයෙක් නෙමෙයි .. විහාර දේවාලගම් පනත වෙනස් කරන්නේ නෑ – අධිකරණ ඇමැති

තම අධිකරණ අමාත්‍ය ධුරයේ සිටින තෙක් කිසිසේත්ම විහාර දේවාලගම් පනත වෙනස් කරන්නේ නැති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

රත්නපුරයට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

සබරගමු පළාත් සභාවේ සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපති, කංචන ජයරත්න මහතාගේ මුලිකත්වයෙන් සහ මැදිහත් වීමෙන් රත්නපුර, මුද්දුව, මොණරවිල ප්‍රදේශයේ ජාත්‍යන්තර මට්ටමේ අංග සම්පුර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා හෙට (26 ) දින වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.