29 April 2024

රනිල් – සජිත් කවදාවත් එකතු වෙන්නේ නෑ – මන්ත්‍රී තිස්ස අත්තනායක

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා එකතු වී මෙවර ජනාධිපතිවරණයට පැමිණිමට ඉඩකඩ තිබෙන බව අනුර කුමාර දිසානායක මහතා ස්විඩනයේදී ප්‍රකාශ කර ඇති බවත් රනිල් සජිත් එකතුවක් කිසිසේත් සිදුනොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.

ඉදිරි මාස තුන තුළ ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා – රාජ්‍ය ඇමැති ෂෙහාන්

ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට ජය ගනු හැකි වේදැයි සියලු පාර්ශ්ව තුළ තිබූ සැකය අද වන විට පහව ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

නිදහස් පක්ෂයේ මැයි රැලිය ගම්පහදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය මැයි 01 වැනිදා ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

කුරුඳු වගාව නැවත රට තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම් ඇති බව ජනපති පවසයි

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පක්ෂ 14 ක් එකතුවෙන් පොහොට්ටුවේ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී

පක්ෂ 14 ක්ගේ එකතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය මැයි 01 සවස 02.00 ට බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වනු ලබන බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඖෂධ හා රූපලාවන්‍ය කර්මාන්ත සංවර්ධනයට නව උපදේශන කමිටු සාමාජිකයින් පත්කෙරේ

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් ඖෂධ ආංශික උපදේශණ සභාවේ හා රූපලාවන්‍ය ආංශික උපදේශන සභාවේ සභාපතිවරුන් හා කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (29) කර්මාන්ත අමාත්‍යාංශයේදි සිදුකෙරින.

කරඳගොල්ල නායයෑම් අවදානම ගැන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට

බදුල්ල දිස්ත්‍රික්කයේ කරඳගොල්ල ප්‍රදේශයේ ඇල්ල – වැල්ලවාය මාර්ගය ආසන්නයේ පසුගිය අප්‍රේල් 21 වන දින ඇති වූ නායයෑම් පූර්ව ලක්‍ෂණ තත්වය පිලිබඳ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ අවධානයට ලක් විය.

ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ කාලය මැයි 31 දා දක්වා දීර්ඝ කෙරේ

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව 2024 මැයි 31 දින දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

වතු සේවකයින්ට රුපියල් බිලියන 05 ක හිඟ ETF , EPF ගෙවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

වතු සේවක මහත්ම මහත්මීන්ට ගෙවිය යුතු සේවක භාරකාර අරමුදල් සහ සේවක අර්ථසාධක අරමුදල් , රජයේ මුදලින් ප්‍රතිලාභීන්ට ගෙවීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට අද (29) ඉදිරිපත් කරන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.