27 April 2024

ආපස්සට යන්නේ නැහැ ගත්ත තීරණ ස්ථිරවම ක්‍රියාත්මක කරන බව ජනපති කියයි

ඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන, ගත් තීරණ ස්ථිර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පළාත් ආණ්ඩුකාරවරු දෙදෙනෙකුගේ පලාත් මාරු කරයි

වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙහි අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

විග්නේශ්වරන්ට කෑගහන්න හදපු මන්ත්‍රීවරුන් නැවැත්තුවේ තමා බව ඇමැති ජොන්ස්ටන් කියයි

විග්නේශ්වරන් මන්ත්‍රීවරයා ඔහුගේ පළවෙනි පාර්ලිමේන්තු කථාවෙදීම ජාතිවාද නැවත වරක් ඇවිස්සු බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් තමා මහත් පරිශ්‍රමයක් දරා මන්ත්‍රීවරුන් ඔහුට විරුද්ධ වෙන එක නවත්ව ගත් බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

විශ්ව කෝෂය හා ශබ්ද කෝෂයට ස්ථීර කාර්යාලක් – අගමැතිගෙන් උපදෙස්

විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්වලින් සැඳුම්ලත් ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් වහාම ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නව උද්‍යාන අලංකරණයට ආදර්ශ කෘෂි වගා සැලැස්මක්

වගාවට නැඹුරුවක් ඇති කරන ආකෘතියක් සහිතව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිර පරිශ්‍රය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල අද (31) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 03 ක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

රුපියල් මිලියන 03 ක පමණ වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ, පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස කොළඹ ජාතික රෝහලට පරිත්‍යාග කිරීමට පී.එච්.ඩී වෛද්‍ය තිලක මහතා පසුගියදා ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

දුෂ්කර ගම්මාන සදහා කුඩා පාලම් 4,000 ක් ඉදි කිරීමට සැලසුම් ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට

වැල්පාලම් හා ඒ දඩු පාලම් සදහා කුඩා පාලම් 4,000 ක් ඉදිකිරීම සදහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය එළඹෙන සතියේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

විසා නොමැතිව මෙරට රැඳී සිටි නයිජිරියානු ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

වලංගු විසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳි සිටි නයිජිරියානු ජාතිකයින් තිදෙනෙකු හා ඔවුන්ට ආධාර අනුබල දුන් මෙරට පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (30) පස්වරුවේ ගල්කිස්ස ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනතාව බලය දුන්නේ රට එක නීතියක් යටතට ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් – ඇමැති විමල් කියයි

රට ආරක්ෂා කරන, එමෙන්ම රට එක නීතියක් යටතට රැගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර දෙනු ඇතැයි යන ඉමහත් විශ්වාසයෙන් යුතුව ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට 2/3ක බලයක් ලබා දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.