27 April 2024

කුලියාපිටියේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට

කුලියාපිටිය මැතිවරණ කොට්ඨාසයේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පැවරීම සහ නව සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැතිඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් අද (31) දින පැවැත්වේ.

ජපානයේ රැකියා සදහා යන ශ්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් පිරිනැමේ

ජපානයේ සීමාවාසීක රැකියා පුහුණුව සදහා පිටත්වන පුහුණුලාභීන් 08ක් සදහා අවශ්‍ය ගුවන් ටිකට්පත් ඊයේ (30)දින විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතින් ප්‍රදානය කළ බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

කාශ්මීරය ඈඳා ගනිමින් ඉන්දියාව ඒකීය භාවය දෙසට යයි – ඇමැති චම්පික

ඉන්දියාව බලගතු ආර්ථික බලයක් වනවා සමගම ශක්තිමත් දේශපාලන බලයක් බවටත්, ශක්තිමත් යුධ බලයක් බවටත් කලාපය පරිවර්තනය වෙමින් තිබෙන බව මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ සිය ෆේස්බුක් පිටුව තුළ සටහනක් තබමිනි.

කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බ් හිමිපාණෝ හා ජනපති අතර හමුවක්

මෙරටට පැමිණ සිටින කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බ් හිමිපාණෝ ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අතර සාමය සහ සංහිඳියාව සඳහා ජනපතිගේ වැඩපිළිවෙළ එහිදී උන්වහන්සේගේ පැසසුමට ලක් විය.

හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ කමිටු වාර්තාව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් වෙත භාර දෙයි

2005 සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව පත්කරන ලද කමිටුවේ වාර්තාව අද දින (30) එම කමිටු සභාපති ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා වෙත භාරදෙන ලදී.

මහජන සම්පත 4000 වන අභිමානවත් ජයග්‍රාහි දිනුම් වාරය දිනුම් ඇදිම

මහජන සම්පත 4000 වන අභිමානවත් ජයග්‍රාහි දිනුම් වාරය දිනුම් අදින්නේ ලග එන සැප්තැම්බර් 06 වෙනිදා සූරියවැව පොලිස් ක්‍රිඩාංගණයේ ඉදිවන දැවැන්ත වේදිකාව මතයි. තෑගි පිට තෑගි දිනාගන්න පුළුවන් තෑගි ආකාරයක් රස සාගරයක් මහජන සම්පත 4000 වන දිනුම් වාරය. මිලදී ගන්න ඔබට තෑගි අලෙවි කරන නියෝජිත මහත්ම මහත්මීනටත් තෑගි, අලෙවි සහයක මහත්ම මහත්මීන්ටත් තෑගි මහජන සම්පත 4000 වන […]

ආර්ථික ප්‍රශ්ණ නිසා ජනතාව ඉන්නේ දැඩි මානසික පිඩනයකින් – කුමාරසිරි කියයි

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් පොදු ජනයා අද වන විට ජීවත් වීමට සිදු වී තිබෙන්නේ දැඩි මානසික පීඩනයකින් බව විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පවසයි.

  1990 සුවසැරිය කාර්ය මණ්ඩලය උප කාර්යාල ගොඩනැගීම අරඹයි

ශ්‍රී ලංකාවේ පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාව ප්‍රගතිශීලි මාවතකට අවතීර්ණ කළ 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ දිවයින පුරා විසිරී සිටින කාර්ය මණ්ඩලය සඳහා උප කාර්යාල ඉදිකිරීමේ වැඩසටහන ඊයේ ( 29වනදා) සුභ මොහොතින් නුගේගොඩ, මිරිහාන පොලිස් ස්ථානයේදී 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

රනිල්ගේ අවසාන තීරණය අද …..ද?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ට අද (30) අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.

රට බේරා ගන්නනම් නවින අපනයන ආර්ථිකයට ගමන් කළ යුතුයි – අගමැති

රට ජාතිය බේරා ගැනීමට යැයි පවසමින් ඇතමුන් දේශපාලනයේ යෙදී සිටියත්, සැබෑ ලෙස රට බේරා ගැනීමට නම් නවීන අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ නුග සෙවන පරිශ්‍රයේ පැවති “බතික් ලංකා ප්‍රදර්ශනය” විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.