27 April 2024

වගකීම් භාරගත්තේ අවුල් ජාලාවෙන් රට ගොඩගන්නටයි – අගමැති

වත්මන් ජනාධිපතිවරයා යටතේ මම අග්‍රාමාත්‍යධූරය භාර ගත්තේ රට අවුල් ජාලාවෙන් ගොඩගන්න බවත් ඒමෙන්ම විශ්වාසවන්ත ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදීව ඇති කරගන්න මහජනතාවට පුළුවන් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මාතලේ ආපදා රැසක්

පසුගිය දිනවලදි ඇදහැලුන අධීක වර්ෂාව සහ අනෙකුත් ආපදාවන් හේතුවෙන් ඊයේ(30) දා වන විට පවුල් 32ක පුද්ගලයින් 117ක් පිඩාවට පත්ව ඇති බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවිර මහතා පවසයි.

මම පොහොට්ටුවෙ පොදු අපේක්ෂකයා නෙමෙයි – මන්ත්‍රී පාඨලි

රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂවරුන්ගේ අනුග්‍රාහකත්වයෙන් ඉදිරි ජනාධිපතිවරණයට තමා පොදු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන බවට යන ප්‍රචාර අසත්‍ය බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණයක

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වත්මන් රෝගී ප්‍රතිකාරක සේවාවන්, මානව හා භෞතික සම්පත් සංවර්ධන කටයුතු මෙන්ම පවතින අඩුපාඩු සොයා බලා කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (29) එම රෝහලේ විශේෂ නිරික්ෂණයක නිරත විය.

පාසල් ළමුන් දෙදෙනෙකු සමග ලැගුම් හලක සිටි ගුරුවරයා අත්අඩංගුවට 

එප්පාවල නගරයේ ලැඟුම්හලක පාසල් ළමුන් දෙදෙනකු සමඟ සැකකටයුතු ලෙස නවාතැන් ගෙන සිටි ගුරුවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට එප්පාවල පොලීසිය කටයුතු කර ඇත.

අයියා එල්ල කළ උදලු පහරින් මල්ලී මරුට

ගල්නෑව පොලිස් වසමේ බුල්නෑව, හිරිපිටියාව ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් වැඩිමල් සොයුරා එල්ල කළ උදලු පහරකින් තවත් බාල සොයුරා ජීවිතක්ෂයට පත්ව ඇත.

ආඝාතය හෙවත් අංශභාගයට ප්‍රතිකාර කිරීම සම්බන්ධව ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වේ

ආඝාතය හෙවත් අංශභාගය රෝගයට ප්‍රතිකාර කිරීම සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීම සිදු කෙරිණ.

වැට් බදු සංශෝධනයෙන් සිදුවන බලපෑම අවම කිරීමට රජය අවශ්‍ය පියවර ගන්නවා – බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා

එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය.

Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය ඇරඹේ

Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ගාල්ල සමනල ක්‍රිඩාංගන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

පසු අස්වනු තාක්ෂණික ආයතනයට නව සභාපති ලෙස පී. චන්ද්‍රසෝම පත් කෙරේ

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පසු අස්වනු තාක්ෂණ ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පී. චන්ද්‍රසෝම පිරිස් මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අද (28)දින පත් කරනු ලැබීය.