8 May 2024

ලෙනාඩ් වුල්ෆ් වගේ පරිපාලන නිලධාරින් දැනටත් ඉන්න බව අගමැති කියයි

ලොව සෑම රටක්ම ඵලදායීතාවය කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරියට පැමිණෙ බවත් ශ්‍රී ලංකාවේ ද රාජ්‍ය හා පුද්ගලික අංශවල නිෂ්පාදනය, තරගකාරීත්වය සහ ඵලදායීතාවය වැඩි කළ යුතු බවත්, ඒ අංශ දියුණු නොකර රටක් ලෙස ඉදිරියට යාමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විදුලි පාරිභෝගිකයාගේ මනස වෙනස් කරලා – ජනිපෙ මුසම්මිල් කියයි

කිසිදු ස්ථීර විසඳුමකින් තොරව විදුලිය කප්පාදුව පවත්වා ගෙන ගොස් පැය 24ම විදුලිය ලැබෙනවානම් බිල වැඩි වුවත් කමක් නොමැති කියන මනසට විදුලි පාරිභෝගිකයා ඇද දමා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

බල්බ දෙකක් නිවන්න .. මේවා කරන්න පුළුවන් වැඩද? – මන්ත්‍රී ජනක විමසයි

නිවසක විදුලි බල්බ දෙකක් නිවා දාන්න කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බවත් සෑබෑවින්ම එය කල හැකි දෙයක් ද යන්න පිළිබඳ ගැටළුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (28) පොදු ජන පෙරමුණ විසින් කැඳවනු ලැබු මාධ්‍ය හමුවක් අමතමින්.

ඉල්ලුමට අනුව සැපයුම නැති දේශිය කිරි පිටි

දේශිය කිරි පිටි නිෂ්පාදන වන මිල්කෝ කිරිපිටි වර්ග මෙ වන විට කොළඹ ප්‍රදේශයේ නොමැති බවත් මේ වන විට දේශිය කිරි පිටි පාරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

අභියාචනාධිකරණ සභාපති ලෙස ජනාධිපති නීතිඥ යසන්ත පත් කෙරේ

ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධුරය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දෙයි. ජනාධිපති නිල නිවසේ දී අද (28) පෙරවරුවේදී මෙම පත් කිරීම සිදු කර ඇත.

ග්‍රාමීය පාලම් 200 ක් ඉදිකිරීමට නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 51 ක්

රට පුරා ග්‍රාමීය පාලම් 200 ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 50.67 ක් ණය හා ප්‍රදාන වශයෙන් ලබාදීමට නෙදර්ලන්ත රජය එකඟතාවය පළකර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

යොවුන්පුරය 2019 හම්බන්තොටදී අති උත්කර්ෂවත්ව පැවැත්වේ

 ගමේ තාරුණ්‍යයට සවියක් වෙමින් තරුණ ජවයේ තෝතැන්න වූ යොවුන් පුර 2019 සමාරම්භක උළෙල ඊයේ (27) වීරවිල පශු සම්පත් භූමි පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස ආරම්භ කෙරිණි.

සිරකරුවන් හුවමාරු කිරීමට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුමක් ඇති කිරීම පිළිබදව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති M.ASHRAF HAIDAI මහතා අතර හමුවක් අද(27) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

භික්ෂුන්වහන්සේලාගේ අයහපත් හැසිරීම් අන්තර්ජාලය පලවීම් ගැන ජනපති කතා කරයි

තරුණ භික්ෂුන්වහන්සේලා වැඩි පිරිසක් රට තුළ බෞද්ධාගමික පරිසරයක් සහ යහපත් සමාජයක් ගොඩනැඟීමේ කාර්යයේ නිරතව සිටිය දී ඉතා සුළු පිරිසක් සිදුකරන ක්‍රියාවන් හේතුවෙන් ඇතැම් අවස්ථාවල සමස්ථ පූජනීය මහා සංඝරත්නයම විවේචනයට ලක්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

කාන්තාව නැතිව රට දියුණු කරන්න බෑ – අගමැති

රටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් සෑම අංශයකින්ම බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බවත්, කාන්තා දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.