9 May 2024

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල විෂ්ලේෂණ අතුරු වාර්ථාව නිකුත් කෙරේ

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2020 ප්‍රතිඵල විෂ්ලේෂණ අතුරු වාර්ථාව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද (27 ) දින සිදු කෙරිණි.

කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය එකමුතුවෙන් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

කෝවිඩ් 19න් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාවට රෝගී සත්කාර වෙනුවෙන් අත්‍යවශ්‍ය වන වෛද්‍ය උපකරණ තොගයක් කොළඹ 75 වෛද්‍ය ශීෂ්‍ය එකමුතුව විසින් රෝහල් 08ක් වෙත පරිත්‍යාග කිරීම අද (27) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

බ්‍රිතාන්‍යයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් .. එන්නත් බෙදාදීම සාර්ථකයි – ඇමැති කෙහෙලිය

මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේදී අවශ්‍යතාවන් අනුව රටම ආවරණය වන පරිදි සමානව එන්නත් බෙදා දෙමින් එම ක්‍රියාවලිය සාර්ථකව සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

රට ඉබාගාතයේ ..ආණ්ඩුව ජාවාරම්කාරයින් සනසනවා – ජවිපෙ

ඡන්ද කාලයේ ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ඉලක්කම් වචන සහ කොල කෑලි විතරක් බවත් මේ වන විටහැම තැනම අරාජිකත්වයක් තියෙන්නේ බවත් රට ඉබාගාතයේ ගමන් කරමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය වඩාත් සාර්ථකයි. – ඊජිප්තු තානාපති

ලොව බොහෝ දියුණු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය වඩාත් සාර්ථකව මෙන්ම වේගවත්ව ක්‍රියාත්මක කෙරෙන බව ඊජිප්තු තානාපති Hussein El Saharty මහතා පැවසු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අලුත් විදිහක ඉඩම් මංකොල්ලක් වෙන බව විපක්ෂනායක කියයි

රටේ නව ආරක ඉඩම් මංකොල්ලයක් සිදුවෙමින් පවතින බවත්, එහි ගොදුරක් බවට පානම ප්‍රදේශය පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

DFCC බැංකුව LankaQR සහ VisaQR හරහා ගෙවීම් භාරගැනීමේ පහසුකම තම ගනුදෙනුකරුවන්ට ලබාදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, ජංගම වෙළඳුන්ට ඩිජිටල් ක්‍රමයට ගෙවීම් භාරගැනීමේ පහසුකම් සැලසීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, Remarko Bakers ආයතනයේ ජංගම අලෙවිසැල් සඳහා LankaQR සහ VisaQR ඔස්සේ ගෙවීම් භාරගැනීමේ පහසුකම් සලසා දී තිබේ.

ශ්‍රී ලංකාව හා ඊජිත්තුව අතර සංචාරක සහයෝගීතාව වර්ධනය සදහා ඒකාබද්ධ කමිටුවක්

ශ්‍රී ලංකාව හා ඊජිත්තුව අතර සංචාරක සහයෝගීතාව වර්ධනය සදහා ඒකාබද්ධ කමිටුවක් පිහිටු වීම සඳහා දෙරට අතර අත්සන් තබා ඇති සංචාරක අවබෝධතා ගිවිසුමට අනුව එම කමිටුව පත් කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

තහවුරු නොකළ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක්

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් ඉදිරිපත් කළ බව සඳහන් ලිපියක් විවිධ සමාජ මාධ්‍යජාල ඔස්සේ පතුරුවාලීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලීසිය පවසයි.