7 May 2024

කාම්බෝජය හා ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කිරීම සඳහා සාකච්ඡා

කාම්බෝජය රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර තානාපති සම්බන්ධතා වර්ධනය කළ ගත යුතු බව කාම්බෝජය රාජ්‍යයේ මුස්ලිම් ආගමික කටයුතු භාර ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වන Dr.Othsman Hassan මහතා හා මෙරට තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.අබ්දුල් හලීම් මහතා අතර හමුවේදී සාකච්ඡා වී තිබේ.

ණය හරි වේලාවට නොගෙව්වොත් රට බංකොලොත් – ඇමැති පාඨලි

විදේශ මූල්‍ය වෙළෙඳ පොලෙන් ලබාගත් ණය නියම නිශ්චිත දිනයේදී නොගෙවූයේ රට බංකොලොත් වන බව මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

1913 දුරකතන අංකයට සතියක් ඇතුළත පැමිණිලි 473 ක්

මුදල් අමාත්‍යාංශයේ මෙහෙයවීම මත සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නීතිවිරෝධී මත්පැන් වැටලීම සඳහා පසුගිය 19 වනදා හඳුන්වා දුන් පැය 24 පුරා සේවය සපයන 1913 ක්ෂණික දුරකථන අංකය මගින් ජනතාවගේ කඩිනම් හා සාර්ථක ප්‍රතිචාර ලැබී තිබේ.

පක්ෂයේ ව්‍යවස්ථා උල්ලංඝණය කරලා – අජිත්ට සුජිවට කරුණු දක්වන ලෙස දන්වයි

එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය ධුර දරන අජීත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ විනය පියවර ගැනීම සඳහා අද දින ඔවුන් කැඳවා ඇති නමුත් ඔවුන් නොපැමිණ ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

දිනන එක පරදින එක තීරණය කරන්නේ මමයි – ජනපති දැඩි තීන්දුවක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවට සහභාගී නොවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස තීරණය කර තිබියදී පක්ෂ තීරණයට පිටින් යමින් එම සමුළුවට සහභාගී වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ‍

බෝගම්බර බන්ධනාගාරය දැන් නිදහසේ කේන්ද්‍රස්ථානයක් බව අගමැති කියයි

සිරගෙදරක්ව පැවැති බෝගම්බර බන්ධනාගාරය දැන් නිදහසේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඒ නිදහස ඔස්සේ ඉදිරියට යනවා ද නැතිනම් අතීතයට ගොස් යළි සිරගත වනවා ද යන්න තීරණය කිරීම ජනතාව සතු කාර්ය භාරයක් බවයි.

ජනපති අපේක්ෂකත්වයට ශ්‍රීලනිප හිටපු මහලේකම්වරයෙක්

ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයෙක් පත් කිරීමට නියමිත බව වාර්තා වේ. ප්‍රජාත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා ලබන 01 වනදා ශ්‍රී මහා බෝධිය අභියසදී ප්‍රතිඥා දීමට නියමිතව ඇති බව වාර්තා වේ.

අගමැති ප්‍රශ්ණයක් යළි ආවොත් ගෙදර යනවා කියපු එක බොරුවක් – කථානායක මාධ්‍ය අංශය

2018 ඔක්තෝම්බර් මස 26 වන දින පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව නව අගමැතිවරයෙකු දිව්රුම් දිමේ නිතීවිරෝධි සහ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලිය වැනි සිදුවිමක් යලි උද්ගත වුවහොත් කථානායකවරයා සිය ධුරයට සමුදී ඉවත්ව යන බවට ප්‍රකාශ කලේ යැයි අද දින (26) ඇතැම් මුද්‍රිත මාධ්‍යයන්හි සහ සමාජ මාධ්‍ය කිහිපයක පළව ඇති නිසි මුලාශ්‍රයක් පදනම් කර නොගත් පුවත මුළුමනින්ම සාවද්‍ය බව දන්වා […]

හෙල්මට් දමා නිවසට ඇතුළු වී වෙඩි තබා දෙදෙනෙක් මරුට

හංවැල්ල, පහත්ගම නිවසකට ඊයේ (25) රාත්‍රියේ මුහුණු ආවරණය කරන ලද හෙල්මට් පැලඳ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවෙස් හිමියාට හා තවත් පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් තිබේ.

නව දේශපාලන පෙරළියක් ඇති කරනවා – අගමැති

රට ගොඩ නැංවිය හැකි ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කොට එම සන්ධානයෙන් ජනාධිපති අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරමින් දේශයේ නව දේශපාලන පෙරළීයක් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.