9 May 2024

DLB සිව්වන වෛද්‍ය කදවුර කුරුණෑගල නගරයේ

සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි නියෝජිත හා අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාදීමේ වෛද්‍ය කදවුරු මාලාවේ හතරවන වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේදී පසුගිය 25 වනදා දින පැවැත්විය.

ගෝඨා නම්කිරීම හා ව්‍යවස්ථා පෙරළියකට කැසකැවීමේ යථාව ධර්මිෂ්ට සමාජයේ සිට විමසමු…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කල් ඇතිව ම ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ වෙනස්කම් ඇතිකිරීමට සමත්ව තිබේ. එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ඒ ඔස්සේ දැඩිව අර්බුදයට ගිය පක්ෂයකි. එහි නායකත්වයේ වෙනසක් සිදුවියයුතු බවටත් අපේක්ෂකත්වය ඉල්ලා සටන් වැදීමත් දැන් දැන් වීදි සටන් දක්වා උත්සන්නව පවතී. සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය […]

නැගෙනහිර සංවර්ධනයට රුපියල් මිලියන 7,346 ක්

නැගෙනහිර පළාතේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් එහි ප්‍රතිලාභ ජනතාව වෙත සමීප කරවීම වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් 2019 වර්ෂය තුල රුපියල් මිලියන 7,346 ක මුදලක් වෙන් කරමින් ව්‍යාපෘති 14,225 ක් ක්‍රියාත්මක කර තිබෙන බව අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝතී මහතා පවසයි.

2019 මහ කන්නයටත් වන්දි ළඟදීම – ඇමැති හැරිසන්

2019 මහ කන්නයේ වගා හානි සඳහා වන්දි මුදල් මේ වසරේ දෙසැම්බර් මසට පෙර ගොවීන් සඳහා ගෙවීමට හැකියාවක් ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

ශ‍්‍රී ලාංකීය ව්‍යවසායකයින්ගේ තාක්ෂණික පෙරළිය Disrupt Asia ජාත්‍යන්තර වෙළඳපොල තරණය ඇරඹේ

ශ‍්‍රී ලාංකික නව ව්‍යවසායකයන්ට දේශීය වෙළදපොළ අතික‍්‍රමණය කරමින් ජාත්‍යන්තර වෙළදපොළ තුළ ජයග‍්‍රහණ අත්කර දෙන ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම සහ ප‍්‍රමුඛතම නව ව්‍යවසායකයින්ගේ තාක්ෂණික සමුළුව, Disrupt Asia සම්මේලනය මෙවරද විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුම් අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරනු ලබයි.

දිනන කෙනා සජිත්.. කාටවත් අසාධාරණයක් නෑ – මංගලගේ රෑ සාදයේදී කතා වෙයි

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යුතු බවත් මේ වන විට දිනන අපේක්ෂකයා ඔහු බව සමීක්ෂණවලින් හෙළිව ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන උතුරේ ඉඩම් කඩිනමින් නිදහස් කරන්න – ජනපති

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි, තවදුරටත් නිදහස් කළ හැකි උතුරේ ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන කඩිනමින් එම ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදළ අංශවලට උපදෙස් දෙයි.

රනිල්ගේ ආර්ථික පෙරළිය ගැන හිටපු මහබැංකු අධිපතිගෙන් කරුණු පැහැදිලි කිරීමක්

රනිල් වික‍්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව පසුගිය වසර හතර හමාරක සිදු කළ ලොකුම විප්ලවය වන්නේ ආර්ථික වර්ධන වේගය පහත දැමීමට කටයුතු සැලසීම බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

නිවසක් තුළ නිදන් හැරු 05 ක් අත්අඩංගුවට

පුගෝඩ විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද තොරතුරුක් මත අවිස්ස්වේල්ලේ නිවසක් තුළ නිදන් හරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු ඊයේ (27) රාත්‍රියේදී සැක පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ණය බරින් තිබු රට ශක්තිමත් පරිවර්තනයක් කීරීමට අපිට හැකි වු බව අගමැති කියයි

ණය බරින් මිරිකුණු දුර්වල, අස්ථාවර හා ලෝකයෙන් හුදෙකලා වෙමින් පැවති රටක් 2015 වසරේ බාර ගැනීමට සිදු වුවද එය ණය ගෙවීමට ශක්තිය ඇති ස්ථාවර හා ශක්තිමත් රටක් බවට පරිවර්තනය කිරීමට මේ අණ්ඩුවට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.