8 May 2024

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුවට පුළුල් කාර්යභාරයක් – ජනාධිපති මාධ්‍ය අංශය

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ සය පුද්ගල කමිටුවට පුළුල් කාර්යභාරයක් පැවරී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මාසයේ නිකුත් කරනවා – අධ්‍යාපන ඇමැති

මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ද වාර්තාව කතෝලිකයින්ට ඉදිරිපත් කරන්න – ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කල ජනාධිපති කොමිෂන් වාර්තාව කතෝලිකයින්ට ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමයේ සභාපති ගරු වින්සන්ට් ජේ.ප්‍රනාන්දු පියතුමන් පවසයි.

මිනිපේ යෝධ ඇළ සංවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති දුමින්දගේ නිරික්ෂණයට

රන්ටැඹේ ජල විදුලි බලාගාරයෙන් ජල විදුලිය නිෂ්පාදනය කර මහවැලි ඟගට මුදා හරින ජලය ගබඩා කර හෙක්ටයාර් හත්දහස් පන්සියයකට මහවැලි ජලය සපයන මිනිපේ යෝධ ඇළ සහ මිනිපේ අමුණ සංවර්ධනය කිරීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

කැලෑ කපන්නන් හසුකරගන්න 1997 දුරකථන අංකය ක්‍රියාත්මකයි – ඇමැති සරත් කියයි

කැලෑ කපන්නන් පොලිස් රැහැනට හසුකර ගෙන දැඩි දඬුවම් දෙන බවත් ඔවුන් හසු කර ගැනීම සඳහා 1997 දුරකථන අංකය දැන් ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍යය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

බැංකුවල ඇතැම් ආකල්ප රටේ ආර්ථික දියුණුවට අඩ තබා තිබෙනවා – කර්මාන්ත අමාත්‍ය විමල්

ව්‍යවසායකයන්ට සහ කර්මාන්තකරුවන්ට ණය ලබාදීමේ දී සහ සබඳතා පවත්වාගෙන යාමේ දී බැංකු කටයුතු කරන ආකාරය, ඔවුන්ගේ ආකල්ප හා මානසිකත්වය මෙරට ආර්ථික දියුණුවට අඩ තබන මට්ටමේ පවතින බවත් එම තත්ත්වය වෙනස් කිරීමේ අභියෝගය ජය ගනිමින් දියුණු ‘ව්‍යවසායකත්ව සංස්කෘතියක්’ ගොඩනැගීමට කැප වන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

උතුරු කොළඹ, මෝදර දෙමහල් මාතෘ නිවාසය නගරාධිපතිනියගේ අතින් ජනතා අයිතියට

කොළඹ මහා නගර සභාවේ වියදමින් ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත අලුතින් ඉදිකරන ලද උතුරු කොළඹ, මෝදර දෙමහල් මාතෘ නිවාසය නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (21) ජනතා අයිතියට පත් කරන ලදී.

වැරදි තීරණ ගත්තු අය ප්‍රජා අයිතිය අහෝසි වෙයි කියලා කලබල වෙලා -අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

ප්‍රජා අයිතිය අහෝසි කරන්න කවුරු හරි තීන්දු තීරණ අරගෙන තිබෙනවා නම් වැරදි කරපු අය බය වී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

උඩ ගල් දෙබොක්ක ජනතාව වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීමට කටයුතු කරනවා – රාජ්‍ය අමාත්‍ය දුමින්ද

උඩ ගල් දෙබොක්ක ගම්මානයේ ජනතාව හුදෙකලා බවින් මුදවමින් ඔවුන් ගෙවන අති දුෂ්කර ජීවිතයට තිත තබමින් එම ගම්වැසියන් සියලු දෙනා වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීම කෙරෙහි ජනපතිවරයාගේ අවධානය යොමු කරවන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ජනතා සහන කප්පාදු කිරීමට ආණ්ඩුව සුදානම් නෑ – රාජ්‍ය ඇමැති ශෙහාන් කියයි

ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස සහන පොලියට රුපියල් 10,000/= ණය දෙන්න සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන වෙත රුපියල් ලක්ෂ තුන බැගින් කුමන අභියෝග පැමිණිය ද කිසිදු ආකාරයකින් ජනතා සහන කප්පදු කිරීමට ආණ්ඩුව සූදානම් නැති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.