9 May 2024

ප්‍රථමාධාර පුහුණුවක් මාතලේ දි

මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ආපදාකලමණාකරණ මධ්‍යස්ථානයේ ප්‍රතිපාදන යටතේ දිසා ලේකම් කාර්යාලයේ නිලධාරීන් 60 දෙනෙකු සඳහා දෙදින ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් පැවැත්විණි.

වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක් හෝ ඊට එහා ගිය ආදායමක් සකස් කරන වැඩපිළිවෙලක් – ව්‍යාපාරික රනිල් විල්ලද්දරගේ

ව්‍යාපාර අයිතිය සියයට 51 ක් මහජනතාව වෙත පවරමින් වර්තමානයේ රටේ ආර්ථික අර්බුදය ජය ගැනීම සදහා ඩොලර් බිලියන 5 ක වාර්ෂික ආදායමක් හෝ ඊට එහා ගිය විදේශ විනිමය ඉපැයීම සදහා ශ්‍රී ලාංකික ව්‍යාපාර මොඩලයක් හදුන්වා දී ඇති බව Gflock සභාපති රනිල් විල්ලද්දරගේ මහතා පවසයි.

රාජපක්ෂලාට තිබ්බ ජනමතය රනිල් කොල්ලකනවා – එරංග ගුණසේකර

69 ලක්‍ෂයක ජන මතය ලැබුණේ ගෝඨාභය සහ මහින්දට බවත් ඒ ජන මතය රනිල් රාජපක්‍ෂ කොල්ල කමින් සිටින බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසයි.

දඹූල්ල යුරියා පොහොර බර අඩු චෝදනා වලට පිළීතුරු

ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වා බෙදා හරිනු ලබන යුරියා පොහොර ඇසුරුම්වල නියමිත බර ප්‍රමාණයන් නොමැති බවට පසුගියදා ‌ගොවීන්ගෙන් චෝදනා කලේය.

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම කඩිනම් සහ විධිමත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේනදය කරයි.

විශේෂ ඩෙංගු මර්දන දිනයක් නම් කරයි.. ඩෙංගු අධි වසංගතයක් විය හැකියි – වෛද්‍ය අසේල

මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 43000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

හිටපු ඇමැති නිමල්ගේ ඉල්ලීමට ජනපතිගෙන් ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක්

අල්ලස් ඉල්ලු බවට පල වු වාර්තාව පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

මහජන මුදලින් නඩත්තු කරන වත්කම්වලට වගකියන්න – ආරක්‍ෂක ලේකම්

රජය තම ආදායමෙන් සැලකිය යුතු කොටසක් නිරතුරුවම රටේ ආරක්‍ෂාව සඳහා වෙන් කරන සංවර්ධනය වෙමින් පවතින රටක් වන බැවින් පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද මහජන මුදලින් නඩත්තු වන ඔබේ සම්පත් සඳහා වගවීම ඔබේ වගකීම බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසයි.

ජනපති රනිල් අරගලකරුවන්ටම පහරදීම තරයේ හෙළා දකිමි! පාඨලි චම්පික

අරගලකරුවන් විසින් රාජපක්ෂ තුන් කට්ටුව බලෙන් පහ කර ප්‍රජාතන්ත්‍රවාදයට මං පෙත් විවර කළ නිසාවෙන් තනි මන්ත්‍රී කෙනෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වීමට හැකිවූ බවත් එම අරගලකරුවන්ටම මේ ආකාරයට මිලේච්ඡ හමුදා හා පොලිස් ප්‍රහාරය එල්ල කිරීම තරයේ හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.