9 May 2024

ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය හා සහකාර සංවිධායකවරු පත් කෙරේ

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් සහ සහකාර සංවිධායකවරුන්ට පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඊයේ (27) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පිරිනැමිණි.

අරගලය මර්ධනය ගියොත් එකතුවන පිරිස වැඩි වෙයි – හිටපු ජනපති මෛත්‍රිපාල

අරගලයකරුවන් මර්ධනය කිරීමට අත්අඩංගුවට ගැනීමට යාම තුලින් ආණ්ඩුවට එරෙහි එකතු වන පිරිස වැඩිවීමට බොහෝ ඉඩ ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

තරුණයින් බලාපොරොත්තු වු වෙනස අපිත් පිළිගන්නවා – ජනපති

අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වුයේ රටේ ක්‍රමය වෙනස් කිරීම බවත් එය අපිත් පිළිගන්නවා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හදිසි අවස්ථා ප්‍රකාශනය වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ යෝජනා සම්මතය අද (27) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 57 කින් සම්මත විය.

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ජනපති හමු වෙයි

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වෙයි. හමුව අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

තුර්කියේ අන්ටල්යා නුවර දී ශ්‍රී ලංකා බතික් ප්‍රවර්ධනය කරයි

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අන්ටල්යා හි ශ්‍රී ලංකාවේ බතික් ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැනි අදියර පසුගිය 20 වනදා පැවැත්විණි. එය ලි 20 වැනි දින සංවිධානය කළේය.

කොළඹ ආරථික අපහසුතා ඇති අයට සතොස මගින් සහන දීම නගරාධිපතිනිය අතින්

ආර්ථික අර්බුදය හේතුවෙන් ආර්ථික අපහසුතාවයන්ට පත්ව සිටින කොළඹ නාගරික බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාව වෙත රුපියල් 3500 ක සතොස වවුචරපත් 120,000 ක් බෙදා දීම අද (27) දින නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොච්චිකඩේ වී.ඒ. ප්‍රේමදාස ප්‍රජා ශාලාවේ දී ආරම්භ කරන ලදී.

වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් වජිර අබේවර්ධන මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (27) දිවුරුම් දුන්නේය.