9 May 2024

ඡන්දේට සල්ලි දෙන්න බැරිනම් ඉදිරිපත් වූ රාජ්‍ය සේවක අපේක්ෂකයන්ගේ වැටුප්වත් ගෙවන්න – විපක්ෂනායක සජිත්

මැතිවරණයට මුදල් දෙන්න බැරි නම් ඉදිරිපත් වූ රාජ්‍ය සේවක අපේක්ෂකයන්ගේ වැටුප්වත් හරියට ගෙවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වතුකරයේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්

කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලුවලට මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

LOLC සමාගම, Health Gold Fortified Rice නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි

LOLC හෝල්ඩිංග්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LOLC Advanced Technologies” Brown & Company PLC සමඟ එක්ව පෝෂ්‍ය පදාර්ථ, විටමින් සහ ශාක රසායන අඩංගු සහල් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් සුවිශේෂී සහල් වැඩිදියුණු කිරීමේ තාක්ෂණික ක්‍රමවේදයක් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (27) මුදල් අමාත්‍යාංශයේදී පිළිගන්වනු ලැබීය.

කුකුළු මස් හා බිත්තර කර්මාන්තය ආශ්‍රිත ගැටලු කඩිනමින් නිරාකරණයට රජයේ අවධානය

කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා යොදාගත යුතු බඩඉරිඟු ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

එප්පාවල තෙවන මරණයත් අධික හිරු රශ්මිය නිසා බවට තහවුරු වෙයි -හදිසි මරණ පරීක්ෂක එම්.පී.එස් ජයවික්‍රම

ඊයේ (26) දින එප්පාවල මැඩියාව ප්‍රදේශයේ සිදු වූ මරණය මේ දිනවල පවතින අධික උෂ්ණ තත්ත්වය නිසා ශරීරය තාප කම්පනය වී හෘදයාබාධය ඇති වී මිය ගොස් ඇති බවට එප්පාවල නාගරික හදිසි මරණ පරීක්ෂක එම්.පී.එස් ජයවික්‍රම මහතා පවසයි.

පොහොට්ටුවේ මැයි රැළිය මහින්දගේ ප්‍රධානත්වයෙන් – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න

රටට විශාල වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ, රටේ පැවති එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදය අවසන් කරපු, රටට සංවර්ධනය යන නාමය හදුන්වාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියේ දි මැයි දින රැළිය පැවැත්වීමට කටයුතු සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා පවසයි.

“එක්සත් අරාබි එමිර් රාජ්‍යය – ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය” ඔක්තෝබර් මස 20 සිට 29 දක්වා

“එක්සත් අරාබි එමිර් රාජ්‍යය – ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය” පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පැවැත්විණි.

විදුහල්පති සේවයේ ගැටලු විසඳුම් ඉදිරිපත් කිරීමට පංච පුද්ගල විද්වත් කමිටුවක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවත්නා සේවා ගැටලු හා අඩුපාඩු පිළිබඳ ව විධිමත් ව පරීක්ෂා කර බලා කඩිනමින් විසඳුම් වාර්තා කරනු පිණිස කමිටුවක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පත් කර ඇත.