8 May 2024

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමෙන් ණය බර අඩු කර ගත හැකියි – ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බවත් සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

ජවිපෙට බලය ආවොත් කෑලෑ නීති යුගයක් ඇති වන බව ඇමැති ප්‍රසන්න කියයි

තමන් බලයට පැමිණියහොත් තම පාක්ෂිකයන්ට යම් අධිකරණ බලයක් ලබාදෙන බවට ජනතා විමුක්ති පෙරමුණ කරනු ලබන ප්‍රකාශයෙන් තහවුරු වන්නේ කැලෑ නීතිය යලි ගම්වල ස්ථාපිත කිරීමට ඔවුන් සූදානමින් සිටින බව යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන එනවා – ජනපති

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බතලගොඩ බාස්මතී සහල් පර්යේෂණ සාර්ථක වේ – කෘෂිකර්ම අමාත්‍යංශය

බාස්මතී සහල් නිෂ්පාදනය කිරීම සඳහා මෙරට වගා කළ හැකි වී ප්‍රභේදයක් හඳුන්වා දීම සඳහා කාලයක සිට විවිධ පර්යේෂණ සිදු කල බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ආබාධිත රණවිරුවන්ට කෘත්‍රිම අත් පා ප්‍රදානය කිරීම ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත කෘත්‍රිම පාද බෙදාදීමේ උත්සවය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) දින රාගම රණවිරු සෙවණේදී පැවැත්විණ.

පොරොන්දු බාගෙට බෑ, මැයි 9 වෙනිදා යලි වර්ජනක් ! – රවී කුමුදේශ්

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාලව ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා සකස්කරනලද තාක්ෂණික වාර්ථාව රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත් නමුත්, එකඟ වූ පරිදි මෙතෙක් පොරොන්දු ඉටුවී නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඩයනාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.

දෙවැනි මහ බැංකු මංකොල්ලය ගැන මහාචාර්ය G.L පිරිස් ගෙන් අනාවරණයක්

වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය ආයතනයකට පැවරීම සම්පූර්ණයෙන් නීති විරෝධි ක්‍රියාවලියක් බවත් එය රටේ සිදුවුණ දෙවැනි මහ බැංකු මංකොල්ලය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය G.L පිරිස් මහතා පවසයි.

ඩයනාගේ මෙරට පුරවැසිභාවයේ නඩු තීන්දු හෙට

ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව හෙට (08) උදේ 10ට ලබා දෙන බව දැනුම් දී ඇති බව එම නඩුව සම්බන්ධ සියළු පාර්ශවයන්ට දැනුම් දී තිබේ.