8 May 2024

රාජ්‍ය සේවකයන්ට වැඩිකළ රු.10,000 ම අප්‍රේල් වැටුපට එකතු කර ගෙවනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

සියලු රාජ්‍ය සේවකයන්ට මාර්තු මාසයේ වැටුප ගෙවිමෙන් අනතුරුව , අප්‍රේල් මාසයේ වැටුපද එම මාසයේ 10 වන දිනට පෙර ගෙවිමට සුදානම් බවත් අයවැය යෝජනාවල සදහන් ආකාරයට රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.10,000 ම අප්‍රේල් මාසයේ සිට එම වැටුපට එකතුකොට ගෙවීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ප්‍රාථමික සිසුන්ට විතරක් දිවා ආහාරය දෙන්න රජයට ලැජ්ජාවක් නැද්ද – විපක්ෂ නායක සජිත්

පාසල් දූදරුවන් ශක්තිමත් කිරීමට එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ නිල ඇඳුම හා දිවා ආහාරය ලබා දුන්නත් අද දිවා ආහාරය ප්‍රාථමික සිසුන්ට පමණක් ලබා දෙන්න රජය කටයුතු කර ඇති බවත් එය ලැජ්ජා සහගත ප්‍රතිපත්තියක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කිසිදු මැතිවරණයක් කල් දාන්නේ නෑ -ඇමැති විජයදාස රාජපක්ෂ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත්‍ කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මෛත්‍රීගේ ප්‍රකාශය දේශපාලන කුමන්ත්‍රණයක් කියලා මන්ත්‍රී මරික්කාර්ට සැකයි

පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයා තමන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකරන ප්‍රකාශය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තිබෙනවාදැයි සැකයක් මතුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසයි.

නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් වෙනුවෙන් පාසල් ආහාර වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රටට කීර්තියක් මෙන්ම ධනවත්භාවයක් ගෙන එන්න අපේ ආණ්ඩුවක් ගොඩ නගමු – මන්ත්‍රී අනුර 

අපකීර්තියට පත්වෙලා තිබෙන අපේ රාජ්‍යයට කීර්තිය කැටුව එන සහ බංකොලොත්භාවයට පත්වී තිබෙන අපේ රාජ්‍යයට ධනවත්භාවය කැඳවාගෙන එන්නත් නව ආණ්ඩුවක් ගොඩනඟමු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

PLC හි ‘අපි එක කරලේ වී’ 29 වැනි සුමති සම්මාන උළෙලේ ‘විශිෂ්ටතම වෙළඳ දැන්වීම’ සම්මානය දිනාගනී

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, 75වැනි නිදහස් දිනය වෙනුවෙන් නිර්මාණය කරනු ලැබූ ‘අපි එක කරලේ වී’ වෙළෙඳ දැන්වීම පසුගියදා නිමාවට පත්වූ 29 වැනි සුමති සම්මාන උළෙලේ දී විශිෂ්ටතම වෙළෙඳ දැන්වීම සඳහා වන සම්මානය දිනා ගැනීමට සමත් විය.

සියලු‍ 1-5 ශ්‍රේණිවල දරුවන්ට හෙට සිට ප්‍රධාන ආහාර වේලක්

දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ ම පාසල් දරුවන්ට හෙට (25) සිට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

සමන්තුරේ මුලික රෝහල් තෙමහල් ගොඩනැගිල්ල මාස 02 ක් ඇතුලත ජනතා අයිතියට- සෞඛ්‍ය අමාත්‍යංශය

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අනුව සමන්තුරේ මුලික රෝහලේ රුපියල් මිලියන 850 ක වියදමින් ඉදිකෙරෙන තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කළ හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් පමණයි – ජනපති

මෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් තුළින් පමණක් බවත්, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳී පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.