19 May 2024

ඉදිරි වසර කිහිපය තුළ මහනුවර ආර්ථිකය ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය ලකි

ඉදිරි වසර කිහිපය තුල මහනුවර ආර්ථිකය ශක්තිමත් කර මහනුවර ජනතාව සවිබල ගැන්වීම සිදු කරන බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා පවසයි.

මන්නාරම ධීවර කර්මාන්තයෙන් ලංකාවේ අංක එකට ගෙන එනවා – ඇමති රිෂාඩ්

මන්නාරම ප්‍රදේශය ධීවර කර්මාන්තයෙන් ලංකාවේ අංක එකට ගෙන ඒමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් බවත්, එහි මූලික පියවරක් ලෙස ධීවර කර්මාන්තය ආශ්‍රිත රැකියා 50,000 ක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

පාහියන් ලෙනේ වසර 45,000 කට පෙර සිටින මානවයින්ගේ ආයුධ ගැන සොයා ගැනීමක්

වසර 45,000 කට පෙර සිටි පාහියන් ලෙනේ වෙසූ මානවයින් විසින් අත හැර දමා ඇති ආයුධ සම්බන්ධව, ඉපැරණි මානව සංක්‍රමණය පිළිබඳ ඉතිහාසය පුරා විද්‍යාඥයන්ට එය නැවත ලිවීමට හැකි වී තිබේ.

ව්‍යවස්ථාදායක සභාවේ ගැටළුවක් ඇතිනම් අභ්‍යන්තරිකව විසඳ ගන්න – පැෆ්රල් සංවිධානය

සියළුම දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථාදායක සභාවේ යම් ගැටළුවක් වේ නම් ප්‍රසිද්ධියේ විවේචනය නොකර අභ්‍යන්තරිකව විසඳා ගන්නා ලෙසත්, දේශපාලන බල ව්‍යප්තින් සඳහා රටේ ස්වාධීනව පැවැතිය යුතු ආයතන භාවිතයට ගැනීමෙන් වලකින ලෙසත් පැෆ්රල් සංවිධානය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ෂම්මි සිල්වා පත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ෂම්මි සිල්වා ඡන්ද සංඛාව 83ක් ලැබීමෙන් පත්ව තිබේ. සභාපති ධුරය සඳහා තරඟ කළ ජයන්ත ධර්මදාසට හිමිවූයේ ඡන්ද 56ක් පමණි.

එල්ලුම්ගහට දින නියමය කිරීම ළගදීම

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලඟදීම දිනයක ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ අන්තර් පාලක මණ්ඩලයක් පත් කෙරේ

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබද අන්තර් පාලක මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. මත්ද්‍රව්‍යවලට එරෙහි නීති රිති හා වැටලීම් ශක්තිමත් කරමින් මත්ද්‍රව්‍ය මර්ධනයට ගෙන යන වැඩපිළිවෙළ සේම ඊට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබදව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිඛෙන අතර ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සදහා අධිකාරියක් පිහිටුවීමට ජනාධිපතිතුමා පසුගියදා කළ යෝජනාවට අමාත්‍ය […]

ජනමාධ්‍ය අමාත්‍යංශය මංගලගෙන් රුවන්ට

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා යටතේ තිබෙන ජනමාධ්‍ය විෂය ඉවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ගෙවල් දෙන්නේ පැල්පත්වාසී දුගීන්ට පමණයි – ඇමති පාඨලි

දේශපාලන පදනම මත හෝ හිතවත්කම් මත නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියෙන් ඉදිකරන කිසිඳු නිවසක් තමා ලබා නොදෙන බවත් අපගේ නිවෙස් ලබාදීමේ පදනම පැල්පත්වාසී දුගී බව පමණක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කිසිම විටෙක ව්‍යවස්ථාවට පටහැනි ජාතික ආණ්ඩුවක් හදන්නේ නැහැ

කිසිම විටෙක ව්‍යවස්ථාවට පටහැනි ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නැති බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.