18 May 2024

ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ රට ගොඩනගන්නයි – සභානායක කිරිඇල්ල කියයි

ජාතික ආණ්ඩුවක් පිහිටුවා, අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරලීමට පාර්ලිමේන්තුවට යෝජනා කළේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට අවංකවම එකඟ සියළු දේශපාලන පක්‍ෂ ආණ්ඩුවේ කාර්යභාරය සඳහා සහභාගී කර ගැනීමේ අරමුණින් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අලුත් ගමනක් යන්න එන්න – දුමින්ද කියයි

මොන තරම් හිත් රිදවීම්, ප්‍රශ්න තිබුණත්, හරි-වැරැද්ද පිළිබඳව අපිට මොන විදිහේ තක්සේරු තිබුණත් ඒ සියල්ල පැත්තකින් තියලා, අතීතයට තියලා ඒ සියල්ල අමතක කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අලුත් ගමනක් යන්න සෑම කෙනෙක්ම සූදානම් වෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ආචාර්ය මොහාන්ගේ පොත ජනපතිට පිළිගන්වයි

ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින් රචිත ,ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සහ රැකියා වෙළෙදපොළ අතර ඇති නොගැලපීම, නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

කුළු බඩු කර්මාන්තය ජාත්‍යන්තරයට – GSRS 2019 සුදානම්

මෙරට කුළු බඩු කර්මාන්තය ජාත්‍යන්තරයට ව්‍යාප්තත කිරීම සඳහා chelcey consulting Private Limited සහ OSl The Inversment Magazine මගින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ සම්බන්ධයෙන් වු මාධ්‍ය හමුවක් ඊයේ (01) කොළඹ මැරිනෝ බීච් හෝටලයේදී පැවැත්වු අතර ඒ සඳහා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා ද සහභාගි වුහ.එහිදී ඊට අදාළ වෙබ් අඩවිය ද අමාතවරයා අතින් විවෘත […]

වෙළෙද පලට ගැලපෙන ඉල්ලුම ඇති බෝග ප්‍රචලිත කරන්න

මෙරට මෙන්ම විදේශීය වෙළෙද පලට ගැලපෙන ඉල්ලුම ඇති බෝග ප්‍රචලිත කරන්නැයි කෘෂි නවීකරන ව්‍යාපෘතියට කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා විසින් අදාළ නිලදාරින්ට උපදෙස් ලබා දී තිබේ.  ලෝක බැංකු මුල්‍යාධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 58ක ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ ණය ප්‍රධානයක් අනුව කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතිය මෙරට දිස්ත්‍රික් කිහිපයක ක්‍රියාත්මකයි.

රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කරනවා – ජනපති

රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කිරීම වෙනුවෙන් ඉදිරි මාස 03 තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ජනතා බලවේගයක් බවට පත්කිරීමට රටට ආදරය කරන සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.