19 May 2024

ජනපති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ හදිසි නිරික්ෂණයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හදිසි නිරීක්ෂණයක් සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ගොස් ඇත. ඒ, කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් මෙරට විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා එහි ගොස් තිබේ.

මනුෂගේ නම විකුණා ජපන් රැකියා ජාවාරමක යෙදුන සැකකරුවෙක් අත්අඩංගුවට

මනුෂ නානායක්කාර මහතා මාර්ගයෙන් ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් කිරීමේ ජාවාරමක යෙදුණ සැකකරුවෙක් ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල හපුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විදුලි පාරිභෝගිකයා පහසුවට නව ඇමැතුම් මධ්‍යස්ථානයක්

නවීන පහසුකම් සහිතව නවීකරණය කරන ලද නව ඇමතුම් මධ්‍යස්ථානයක් අප්‍රේල් 05 දින වනවිට ලංකා විදුලි බල මණ්ඩලයට ස්ථාපිත කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) චිත්තම්පලන් ඒ ගාඩිනර් මාවත පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයීය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්.

ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් කෙරේ

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. මේ අතර මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස මංගල සමරවිර මහතා ද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

අභ්‍යන්තර ගුවන් ගමන් ඉතා සහනදායී මිලකට ලඟදීම – රාජ්‍ය අමාත්‍ය අශෝක්

මගී ජනයාගේ තවමත් අවධානයට ලක්ව නොමැති අභ්‍යන්තර ගුවන් ගමන් සේවය ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවත් ඉහල කලමණාකාරීත්වය දැනුවත් කර ලාබදායී අභ්‍යන්තර ගුවන් ගමන් සේවයක් රට තුල ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඇමැති සජිත්ගෙන් ක්‍රිඩා දක්ෂයින්ට නව නිවාස

2018 වසරේ ආසියානු දැල් පන්දු ශූරතාවලියේ ශූරතාව හිමිකර ගත් හා ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාට සහ අංගම්පොර සටන් ශිල්පී මහන්ත ආරච්චිගේ නොයෙල් අජන්ත පෙරේරාට නව නිවාස පිරිනැමීම නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කෙරිණ.

එන්න ඇමැතිකමක් ගන්න ..! සුමන්තිරන්ට ඇමති පාඨලි කියයි

යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ඇමති ධූර ලබාගෙන ආණ්ඩුවට එක්වන ලෙස සුමන්තිරන් මන්ත‍්‍රීතුමා ඇතුළු කණ්ඩායමට ආරාධනා කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඊ-හෙල්ත් කාඩ්පත ජනගත කෙරේ

නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපාන් ශ්‍රී ලාංකික ජනතාවට හදුන්වාදීමේ අරමුණින් මිලියන 21 ක් වූ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර මහ රෝහලේ දී අද (21) පෙරවරුවේ ආරම්භ කෙරිනි.

මගේ සුජාත දරුවා අපචාරයට ලක්වෙලා – ජනපති

තමා විසින් බිහි කළ දරුවා “19 වන සංශෝධනය- සුජාත දරුවා මේ වන විට අපචාරයට ලක්ව ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන ආයතන ත්‍රිත්වයම මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පාලනය කරන තමාට හැගෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ඥානසාර හිමිගේ සුව දුක් බැලීමට රවි, අසාද්, මනෝ වැලිකඩ රෝහලට

සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුවදුක් විමසීම සඳහා විදුලිබල අමාත්‍ය රවී කරුණානායක, ජාතික සංහිදියා අමාත්‍ය මනෝ ගනේෂන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් අද (21) වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් තිබේ.