8 May 2024

පාස්කු ප‍්‍රහාරය ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි…

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සොයා බැලීම සම්බන්ධයෙන් පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව තමා කිසිසේත් ම නොපිළිගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන අද (29) පැවැති කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇත.

සජිත්ගේ රැස්වීම් කිහිපයක් ජනසහභාගීත්වය අවමවීම හේතුවෙන් අවලංගු කරයි…

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් කැඳවා තිබූ රැස්වීම් කිහිපයක් අවලංගුකිරීමට පියවරගෙන තිබුණි. ඊයේ දිනයේ කොළඹ ලක්‍ෂමන් කදිරගාමර් ආයතනයේ සංවිධානය කරතිබූ කාන්තා සමුළුවක් ද සහභාගීත්වය අවමවීම නිසා අත්හැරදැමීම ට පියවරගෙන තිබුණි.

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 31 වනදා මහනුවරදී එළිදක්වයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ලබන 31 වනදා පෙරවරු 10 ට මහනුවර දී සිදු කිරීමට නියමිතයි.

Stafford අපි Talent අති උත්කර්ශවත් ලෙස සිව්වන වරටත්

නවීනතම හොන්ඩා යතුරු පැදි හා මෝටර් රථ – ලංකාවට ගෙන්වා බෙදා හැරීමේ බලයලත් අලෙවි නියෝජිත සී/ස ස්ටැෆර්ඩ් මෝටර්ස් (පුද්.) සමාගම විසින් එහි සේවකයින්ගේ සෞන්දර්යය රසාස්වාදය ඉහළ නැංවීම උදෙසා වාර්ශිකව සංවිධානය කරනු ලබන Stafford Api Talent – Season 04 රියැලිටි තරගාවලිය සහ ඊට සමගාමීව පැවැත්වෙන සුහද හමුව මෙවරත් පිට පිට සිව්වන වරට පසුගිය සැප්තැම්බර් 21 වන […]

දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය පටු දේශපාලන අරමුණු ඉටු කරගන්න දෙන්නේ නෑ – අධ්‍යාපන ඇමැති කියයි

ආණ්ඩුව දේශපාලන වාසි බලාගෙන ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් 48,000ක් ඇතුළත් කරගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෝටර් වාහන මත පැනවූ සුඛෝපභෝගී බද්ද කුඩා වාහනවලට බලපාන්නේ නෑ

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අයවැය 2019 මගින් යෝජනා කළ පරිදි මුදල් පනත සංශෝධනය කරමින්, මෝටර් වාහන මත පනවන ලද බද්දට යටත් වනුයේ සුඛෝපභෝගී මෝටර් කාර් සහ ජීප් රථ පමණක් වන අතර, කුඩා කාර් රථ කිසිවකටත් මෙම නව බද්ද අදාළ වන්නේ නොවන බව මුදල් අමාත්‍යංශය පවසයි.

”විවාදයට එන්න කියන්නේ ගෝඨාභයව මරන – එල්ලන විදිය ගැන සාකච්ඡා කරන්නද?” : මොහොමඩ් මුසම්මිල්…

මේ දක්වා රටේ අනාගතය හා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් හරවත් කිසිවක් සිදු නොකළ සජිත් පේමදාස වැනි අයෙක් සමග කුමක් කතා කරන්නදැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් ප්‍රශ්න කළේ ය. අද (29) කොළඹ පැවැති මාධ්ය‍ය හමුවක දී ඔහු මේ අදහස් පළ කළේ ය.

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ගැන පැෆ්රල් නීතිමඟට

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා අවම සදාචාරාත්මක රීතීන් පවා නොතකා කටයුතු කරමින් සිටින බව පැෆ්රල් සංවිධානය පවසයි. 2019 ජනාධිපතිවරණයේ පූර්ව ප‍්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍යය බලය සහ දේපළ යොදාගැනීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරමින් පැෆ්රල් සංවිධානය කියා සිටියේ ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කල පසුත් නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුවත් පවතින නෛතික තත්ත්වයන් හා කොමිෂන් සභාවේ නියෝග නොසලකා හරිමින් […]

Ravi Karunanaya n Central bank

රටේ ආර්ථිකය කඩා දැම්මේ මහ බැංකුවයි : රවී කරුණානායක…

– ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර සියලු පක්ෂ තමන් සමග සිටින බවත්, හවුල් ආණ්ඩු අවුල්සහගත ආණ්ඩු බවත්, රටේ ආර්ථිකය කඩාවැටුණේ මහ බැංකුවේ වරදින් බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක කාන්තා හමුවකට සහභාගි වෙමින් පැවැසීය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වූ එම ජන හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා පැවැසූවේ, […]

Vijith Herath n MS

ජනාධිපති වැය ශීර්ෂය ගැන ජවිපෙ නගන චෝදනා ද්වේශසහගතයි : ජනාධිපති ලේකම් කාර්යාලය…

– ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පෞද්ගලික පරිහරණය ට රුපියල් කෝටි 800ක මුදලක් වෙන් කර ඇති බව ට නැගෙන චෝදනාවන් ට ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් මගිනි පිළිතුරු දී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ චෝදනාව නගා තිබුණි. එය සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බවත් එය තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති කාර්යාලය පවසයි.