8 May 2024

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වෝහාරික විගණන පරීක්ෂණයක්…

– මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වෝහාරික විගණන පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා ඇති බව නීතිපතිවරයා අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ට දැනුම් දුන්නේය.

“ගෝඨාභය මරමු” යැයි ෆවුසි කළ ප්‍රකාශයක් ගැන පොලිස් විමර්ශන ආරම්භ කරයි…

–පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි විසින් ඉකුත්දා සිදුකරන ලද බව කියන මහජනතාව කුපිත වන ආකාරයේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අද (28) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා ඉදිරියේ කරුණු වාර්තා කරන ලදී.

එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන බව දුමින්ද කියයි

නොවැම්බර් 16 වනදා මේ රටේ ජනාධිපතිවරයා පත් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කරපිටින් බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. නොවැම්බර් 16 වනදා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගන්නා බව හෙතෙම පැවසිය.

ඇමති කබීර් හෂීම් ගේ මග නැගුමේ ගෝලයා පුද්ගලික සහකාරියටත් ඉල්ලම් පාදයි…

එක්සත් ජාතික පක්ෂයේ සභාපති හා කැබිනට් අමාත්‍ය කබීර් හෂීම් යටතේ ඇති මඟ නැගුම මාර්ග ඉදිකිරීම යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපති ඉංදික බණ්ඩාර නැමැත්තාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ හලන්ගොඩ නම් කාන්තාවකට හොර පාරෙන් උස්සවීම සමඟ වැඩි වරප්‍රසාද ලබා දීමට ගන්නා උත්සාහයක් වාර්තාවෙයි.

ගෝඨා LTTEය ලවා මරවන්න තිබුණායැයි කියූ ෆොන්සේකා ට හතරවටින් විරෝධය…

තමන් හමුදාපති කාලයේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ට කොටින්ගෙන් වෙඩි කා මිය යන්නට කටයුතු කරන්නට තමනට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා පසුගිය දා පැවසීය.

සජිත් මැතිවරණ ප‍්‍රකාශය එළිදැක්වීම 31 දින මහනුවරදී – ඇමැති කිරිඇල්ල

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප‍්‍රකාශය එළැඹෙන 31 වන දින මහනුවර එළිදක්වන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර උඩපේරාදෙණිය ප‍්‍රදේශයේ සංවිධානය කරතිබූ ජනහමුවක් අමතමින්.

හොරු රකින්න ආණ්ඩුව ඇතුළෙන්ම ගේමක් ගහලා! – ඇමැති මංගලගෙන් හෙළිදරව්වක්

රාජපක්ෂලා නඩු කටයුතු වලින් ආරක්ෂා කිරීම රජය අභයන්තරයෙන්ම සිදු වී තිබෙනා ක්‍රියාවක් බවත් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ හිටපු ප්‍රධානි රවී වෛද්‍යලංකාර ගෝඨාභය රාජපක්ෂගේ වේදිකාවට ගොඩවිම හරහා මෙය සනාථ වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) මාතර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජනපති නගින වේදිකාවේ ‘……… හු කියා විද….?

ජපානයේ නිල සංචාරයක නිරත වු ජනාධිපතිවරයා ඊයේ (27) දින මෙරටට පැමිණ ඇති අතර අද දිනයේදී පොලොන්නරුවේ පැවැත්වෙන දේශපාලන වේදිකාවට ගොඩවීමට සුදානම් වී ඇති බව වාර්තා වේ.

එදා කාන්තාව ආරක්ෂා නොකරපු ගෝඨා අද කිඹුල් කදුළු හලන බව අගමැති රනිල් කියයි

පසුගිය රාජපක්‍ෂ ආණ්ඩු කාලයේ ප්‍රාදේශීය දේශපාලන බලවතුන් කාන්තාවන් දූෂණය කරද්දී, කාන්තාවන්ට අඩම්තේට්ටම් කරද්දී කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොගත් ආරක්‍ෂක ලේකම්වරයා අද කාන්තාවන් ආරක්‍ෂා කිරීම ගැන කිඹුල් කඳුළු හෙළමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අයි.එස්. නායක අබු බකර් මිය ගිය බව අමෙරිකා ජනපති තහවුරු කරයි

අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගිය බව අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තහවුරු කරමින් නිවේදනය කරයි.