9 May 2024

ජනපතිගේ සෞභාග්‍ය දැක්ම තුළ තරුණ තරුණියක්ට වැඩි ඉඩක් ඇති බව ආණ්ඩුකාර ලලිත් කියයි

‍ජනාධිපතිවරණ ජයග්‍රහණයට හේතු වුයේ විදේශීය බලවේගයන්ට යටත් නොවන ආකාරයක නායකත්වයක් තරුණ තරුණයින්ට අවශ්‍යවීම බව මධ්‍යම ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා පවසයි.

ගෝඨාභයයි මහින්දයි ජනතාව අන්දන බව මන්ත්‍රී විජිත කියයි

ආණ්ඩුවේ සියලු පත් කිරීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදෙනාම එක්ව ගන්නා තීන්දු බව ජනතා විමුක්ති පෙරමුරණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

කොරෝනා මෙරටට එවිද..පෙර සුදානමක් .. !

කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරි ආරක්ෂක කමිටුව අද (26) සෞඛ්‍ය අමාත්‍යංශයේදී හදිසියේ රැස්ව තිබේ. ඒ එම වෛරසය පැතිරීම පාලනයට තීන්දු තීරණ රැසක් ගැනීම සඳහා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සමඅනුග්‍රහයෙන් ඉවත්වන බව ඇමැති දිනේෂ් මානව හිමිකම් කොමිෂමට දැනුම් දෙයි

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල වශයෙන් මානව හිමිකම් කොමිෂමට දැනුම් දුන්නේය.

මන්ත්‍රී රන්ජන්ට ඇප ලැබෙයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ අධිකරණය අද නියෝග කර තිබේ. ලක්ෂ 5 ක ශරීර ඇප 2 ක් මත ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියම කෙරිණි.  

තේ ගොවියා කබලෙන් ලිපට… – මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

මාස එකහමාරක පමණ සිට මේ දක්වා පවතින අඛණ්ඩ නියං තත්ත්වය හේතුවෙන් රත්නපුරේ තේ ගොවියන් තේ වගාවන් නැංවීම සඳහා බැංකුවලින් ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකිව සහ ජීවත්වීමට නොහැකි වී කබලෙන් ලිපට වැටී ඇති බව රත්නපුර දිස්ත්‍රික් එ.ජ.නි.ස., පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

බුස්සේ සෙල්ලම් ඉවරයි : STF වැඩේ අතට ගනියි !

බූස්ස බන්ධනාගාරයේ  රඳවා සිටින  ප්‍රධාන  පෙලේ  පාතාල අපරාධකරුවන් ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  ඇතුළු විශේෂ   ගණයේ  සැකකරුවන්ගේ ආරක්ෂාව සඳහා  ඊ‌යේ (25) සිට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා අවධානම : ඥාතීන් හිතවතුන් ඉතාලියේ නම් මේ පුවත දන්වන්න !

කොරෝනා වෛරසය ඉතාලිය තුළ ව්‍යාප්තවීමත් සමඟ එහි සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිරන්තර අවධානයෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 

අල්ලස් කොමිසම රෝහිත බෝගොල්ලාගමට එරෙහිව නඩු යයි

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැති වෙළඳ ප‍්‍රදර්ශනයට හා ගැනුම්කරුවන්ගේ හමුව සඳහා ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස සහභාගි වෙමින්  මහා භාණ්ඩාගාරයේ  චක්‍රලේඛන වලට  පටහැනිව රුපියල් ලක්‍ෂ 15 කට අධික මුදලක් ගෙවීමට ආයෝජන මණ්ඩල සභාපති හා අධක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් ආර් වටවල පොළඹවන ලද බවට හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය […]