9 May 2024

දිවයිනේ ප්‍රදේශ කීපයකට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක්

මේ දිනවල බස්නාහිර, වයඹ පළාත්වලට සහ මන්නාරම, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අධික උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඩයමන්ඩ් ප්‍රින්සස් නැවෙන් ශ්‍රී ලාංකීකයින් දෙදෙනා ඉවත් කර ගනි

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා එම නෞකාවෙන් ඉවත් කර ගැනීමට යෙදු ප්‍රයත්නය සාර්ථක වු බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි.

රාජපක්ෂලාට තුනෙන් දෙකක් ලැබෙන්නේ නෑ – මන්ත්‍රී මනුෂ

ඉදිරි මැතිවරණයෙන් පසුව රාජපක්ෂවරු පරාජයට පත් කර සජිත් ප්‍රේමදාස මහතා අගමැති පුටුවට ගෙන ඒම සදහා සියලුම බලවේග එකතු කරගෙන පුළුල් සන්ධානයක් නිර්මාණය කර ඇති බවත් එයට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඔවුන් රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක බලයක් ලබාදීමේ අරමුණින් කටයුතු කරන අය බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

වත්තල නගරය පරිසර හිතකාමී ලෙස සංවර්ධනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලාන්සා කියයි

කොළඹ නගරයට ප්‍රධාන පිවිසුම් ස්ථානයක් ලෙස වත්තල නගරය අලංකාර නගරයක් බවට පත් කොට පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කිරීම සදහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කර ඇති බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායලයේ රැකියා වරම්

සුදුසුකම්ලත් ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා වෘත්තියෙහි රැකියා ලබාගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය පසුගිය 24 වනදා ඊශ්‍රායලයේ ජෙරුසලම්හි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි.

කොරියාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය පැය 24ම සීරුවෙන්

කොවිඩ් 19 වෛරසය මේ වන විට දකුණු කොරියාව තුළද පැතිරෙමින් පවතින අතර, කිසිඳු ශ්‍රි ලාංකිකයෙකුට මෙතෙක් වෛරසය ආසාධනය වී නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

බටහිර ඉන්දිය කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාව ජය ගනි  

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුනා.

COVID-19 වයිරස් භීතිය අස්සේ සයිබර් ප්‍රහාරයක් ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම් දෙයි

COVID-19 වයිරසයේ ස්වභාවය නිසා ඒ වයිරසය පිළිබද සෑම තොරතුරක්ම අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ වේගවත් අවධානය දිනා ගැනීමට නැඹුරුවීමත් සමඟ සයිබර් ප්‍රහාර දියත් කිරීමක් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.