9 May 2024

කොරෝනා නිසා රාජ්‍ය ඇමැති අනුරාධ සියළු උත්සව, රැස්වීම් අවලංගු කරයි

කොවිඩ් අවදානම් තත්වය සැලකිල්ලට ගනිමින් සංවිධාන කර තිබූ සියලුම උත්සව, රැස්වීම් සහ මහජන දින තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

කොවිඩ් උවදුරට විසඳුම එන්නත බව ජනපති පවසයි

කොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණක් බව ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මැලේරියාව යළි හිස ඔසවන ලකුණු …සෞඛ්‍ය අංශය දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ දැනට මැලෙරියා බොෟවීමක් හෝ ව්‍යාප්තියක් නොමැති නමුත් ලෝකයේ මැලේරියා බහුල රටවලින් මෙරටට එන පිරිස වැඩීවිමත් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් සහ රියාජ් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

බුද්ධිමත් ශ්‍රී ලාංකිකයින්ට යුධ හමුදාපතිගෙන් පණිවිඩයක්

බුද්ධිමත් ශ්‍රී ලාංකිකියන්ට කියා සිටින්නේ රටේ පවතින තත්ත්වය මත මේ අවස්ථාවේදී සංචාරණ කටයුතු සිමා කරන මෙන් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ත්‍රෛභාෂා පාසල් ඇති කිරීම සමාජයට විශාල පිටුවහලක් – අධ්‍යාපන ඇමැති

ත්‍රෛභාෂා පාසල් ඇති කිරීම තුළින් අධ්‍යාපනයේ ප්‍රගමනයක් වගේ ම සිංහල-දමිළ-මුස්ලිම් දූ දරුවන්ට තමන්ගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සිතුම් පැතුම් අවබෝධ කර ගැනීමට, අදහස් නිවැරදිව ප්‍රකාශ කිරීමට සහ හුවමාරු කර ගැනීමට විශාල පිටුවහලක් වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අප්‍රේල් 21 පාර්ලිමේන්තුවේ ගැටුම සෙවීමට කමිටුවක්

2021 අප්‍රේල් 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම සඳහා නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කර තිබේ.