8 May 2024

කුවේටයේ සිට සංක්‍රමණික සේවකයින් 6000 කට වැඩි පිරිසක් මව් රටට – විදේශ අමාත්‍යංශය

කොවිඩ්-19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 6000 කට අධික පිරිසක් මේ වන විට තානාපති කාර්යාලය විසින් ආපසු සිය මව් රටට ගෙන්වා දීමට කටයුතු කර ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.

සියළු පාසල් ලබන 30 වනදා තෙක් වසා දමයි

සියලු පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ලැබීමට ඇති හිඟ බදු මුදල් ගැන වාර්තාකරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කිසිඳු ගැටලුවක් නොමැතිව අය කළ හැකි හිඟ බදු මුදල් ප්‍රමාණය සහ, අය කර ගත හැකි නමුත් ගැටලු පවතින හිඟ බදු මුදල් ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් මාස 02 ත් 05 ත් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

වොලිබොල් ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් පියවර රැසක් – සභාපති කංචන

මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතිය සහ ඉදිරි කාලවකවානුව තුලදී වැදගත් වූ තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වොලිබොල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා පවසයි.

ආනයනික අර්තාපල් බදු වැඩි කරයි

ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ භාණ්ඩ බද්ද අද (26) මධ්‍යම රාත්‍රී සිට කිලෝවකට රුපියල් 50.00 දක්වා වැඩි කිරීමට රජය තීරණය කෙරේ.

විපක්ෂය ආණ්ඩු පෙරලනවා කියලා හීනෙන් දොඩවන එක තමයි ප්‍රශ්නෙ- අමාත්‍ය ජොන්ස්ටන්

විපක්ෂයට හීන බලන්න අයිතිය තිබෙන නමුත් හීනෙන් දොඩවන එක තමයි ප්‍රශ්ණය බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

බස්නාහිර සහ වයඹ පළාත්වල පාසල් ලබන 30 තෙක් තාවකාලිකව වසා දමයි

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්, පෙරපාසල් සහ පිරිවෙන් ලබන 30 වනදා තෙක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ජනපති හල්දුම්මුල්ලට යයි “ගම සමග පිළිසඳර”

“ගම සමග පිළිසඳර” පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයේ චාරිකාවක නිරත විය.

රටේ ස්වෛරීභාවය අහිමි කරන පෝට් සිටි පනත ගෙනවිත් ඇති බව ජවිපේ ටිල්වින් කියයි

ජනාධිපතිවරයා විසින් වරාය නගරය පාලනය කිරීමට අදාළව සකස් කර ඇති පනතට අනුව එය සිදු කරන්නේ කොමිෂන් සභාවක් මගින් වන අතර එම තත්ත්වය විසින් අපේ රටේ ස්වෛරීත්වයට බරපතළ තර්ජනයක් එල්ල කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

වාතයෙන් බෝවන නව කොරෝනා කතාව බොරුවක් බව කුමුදේෂ් කියයි

වාතයෙන් බෝවෙන නව කොරෝනා වෛරසයක් ව්‍යාපත වී ඇති බව පැවසෙන සියලු වාර්තා සත්‍යයෙන් තොර බව රසායනාගාර සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා පවසයි.