8 May 2024

මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවලට සහයවීම සඳහා විධිමත් සැලැස්මක් අවශ්‍යයි – ජනපති

මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාවයක් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක්

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) දින ශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු කමිටු කාමර අංක 01 හීදී පැවැත්විණි.

රට හදන්න නම් මත්පැන් ප්‍රවර්ධනය කරන්න එපා – විපක්ෂ නායක සජිත්

රජය දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරන බවත් සමහර ප්‍රදේශවල විහාරස්ථානය අසළ බියර් හල් සදහා බලපත්‍ර ලබා දී ඇති බවත් රාජ්‍ය පාර්ශ්වයට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත බියර් බලපත්‍ර රැසක් ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රාජ්‍ය වියදම් කමිටු සමාලෝචන වාර්තාව යළි සමාලෝචනය කරන්න – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය

සිය අමාත්‍යාංශයට අදාළ රාජ්‍ය වියදම් කමිටු සමාලෝචන වාර්තාව යළි සමාලෝචනය කරන්නැයි ඉල්ලා සිටීමට තීරණය කල බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

ද්‍රවිඩ මන්ත්‍රිවරයෙක් ජාතිවාදය ඇති කරන්න උත්සහා කරනවා – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

ද්‍රවිඩ මන්ත්‍රිවරයෙකු ජාතිවාදි ගැටුමක් ඇති කිරීමට උත්සහ කර ඇති අතර නැවත ත්‍රස්තවාදය , ජාතිභේදය ඇති කර පැරණි තත්වයට රට ගෙන ඒමට උත්සහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

පූජනීය දළදා සංස්කෘතියේ 2023 කලාපය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත පිළිගැන්වේ

පූජනීය දළදා සංස්කෘතිය ග්‍රන්ථයේ 2023 කලාපය ග්‍රන්ථය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඉකුත් දා සිදු වූ අතර, එම ග්‍රන්ථය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා වෙත පිළිගැන්වීම මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලයේදී (19) සිදුවිය.

මැලිබන්, අභිමානවත් මහනුවර දළදා පෙරහැර වෙත අනුග්‍රාහකත්වය ලබා දෙයි

70 වසරක විශිෂ්ට උරුමයක් සහිත මැලිබන් සමාගම විසින් 2023 වසරේ මහනුවර දළදා පෙරහැර වෙනුවෙන් සිය අනුග්‍රාහකත්වය ලබා දෙනු ලැබිණි.

Gflock ශාඛා ජාලය ව්‍යාප්ත කරමින් නවතම ශාඛාව නුගේගොඩ දෙල්කදට

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පාරිභෝගිකයින් අතර කීර්තියට පත් නිමි ඇදුම් නිෂ්පාදනයේ ප්‍රමුඛ සන්නාමයක් වන Gflock සිය ශාඛා ජාලය පුළුල් කරමින් එහි සිව්වන ශාඛාව නූගේගොඩ, දෙල්කද දී පසුගිය 15 වෙනිදා සභාපති රනිල් විල්ලද්දරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

ජනපති සහ නේපාල අගමැති හමු වෙති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් මහතා අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමාගාමීව අද (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය.

ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමට අවධානය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක්හි මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා (Sir Nick Clegg) අතර හමුවක් ඊයේ (19) නිව්යෝර්ක් නුවර දී සිදු විය.