8 May 2024

ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑම මගහරවා ගැනීමට කඩිනම් යෝජනා 13 ක් ජනපතිට – ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද

ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑම මගහරවා ගැනීමට අවශ්‍ය කඩිනම් යෝජනා 13 ක් ජනාධිපති වෙත භාරදුන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා පවසයි.

ජාතික සමගිය ඇති රටක් හදන්න පුළුවන් මාලිමාවේ ආණ්ඩුවකට විතරයි – අනුර දිසානායක

ජාතික සමගිය ඇති රටක් හදන්න පුළුවන් මාලිමාවේ ආණ්ඩුවකට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මාතලේ පාසල්වලට හොකි පිති බෙදයි

මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ අළුතින් හොකී ක්‍රීඩාව ඇරඹූ පාසල් සඳහා, අවශ්‍ය වන හොකී පිති බෙදාදීම පසුගියදා මාතලේ එඩ්වර්ඩ් පාර්ක් ක්‍රීඩාංගනයේදී ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

වෙල්ලමුදාව ප්‍රදේශයේදී වන අලියකු සිදු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ප්‍රදේශයේදී වන අලියකු සිදු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ග්‍රෙගරි වැව ආශ්‍රිත සංචාරක කලාපය පුළුල් කිරීමට ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

නුවරඑළිය, ග්‍රෙගරි වැව සංචාරක කලාපයේ වෙළදාම් ආදායම් පහලයාම සම්බන්ධයෙන් ලද ජනතා ඉල්ලීමකට අනුව නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිත සංචාරක කලාපයේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (12) කටයුතු කළේය.

අග්බෝගේ සුවදුක් බලන්න වනජීවියේ නියෝජ්‍යය අධ්‍යක්ෂකවරයකුත් එයි

‍ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ ඇතාගේ වත්මන් තත්වය නිරීක්ෂණය සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍යය අධ්‍යක්ෂ (නීතී) ඩී.එම් වීරසිංහ මහතා පසුගියදා තිරප්පනයට පැමිණියේය.

ගෝලීය සංවර්ධනයට විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකියි – ජනපති

ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන වර්ෂ ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2023/ 2024 අධ්‍යයන වර්ෂයට අදාළ ව ශාස්ත්‍රෙව්දී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා අයදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.