7 May 2024

නෙදර්ලන්තය විසින් ආපසු භාරදුන් ශ්‍රී ලාංකික පුරාවස්තු ප්‍රදර්ශනය කිරීම

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීමේ ප්‍රයත්නයක් ලෙස ශතවර්ෂ දෙකකට පමණ පෙර මෙරටින් රැගෙන ගොස් නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ Rijksmuseum කෞතුකාගාරයෙහි තැන්පත් කර තිබූ සුවිශේෂී පෞරාණික වටිනාකමකින් යුත් කෞතුක භාණ්ඩ හයක්, නැවත මෙරටට රැගෙන ඒමට කටයුතු සලස්වා තිබේ.

අනවශ්‍ය බදු බරක් ගැන ජනතාව බිය විය යුතු නෑ – රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

2024 වන විට ශ්‍රී ලංකාව ප්‍රසාරණය වන ආර්ථිකයකට අවතීර්ණ වන බවත්, අලුත් බදු බරක් පිළිබඳ ජනතාව බිය විය යුතු නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වෛද්‍ය සැපයුම් අංශයට වැඩ බැලීමට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයෙක් හා අධ්‍යක්ෂවරයෙක්

වෛද්‍ය සැපයුම් අංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා සහ එම අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් මහතා පත් කර ඇත.

2024 දී වැට් ඇතුළු බදු අනුපාත ඉහළ නැංවීමේ කිසිදු අවශ්‍යතාවක් නෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

එලඹෙන වසර තුළ වැට් ඇතුළු බදු අනුපාත ඉහළ නංවමින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ කිසිදු සූදානමක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ගාල්ලේදී ලබන 28 වනදා

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම අරමුණු කර සංවිධානය කරන “ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය – ගාල්ල එළැඹෙන 28, 29 සහ 30 යන දිනවලදී ගාල්ල සමනල ක්‍රීඩාංගන පරිශ්‍රෙය්දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත අමාත්‍යාශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.

පුහුණු ශ්‍රමිකයින්ට අද සිට ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විවෘත වෙනවා – අමාත්‍ය මනුෂ 

ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ අද (01) සිට ආරම්භ වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

මැතිවරණ කල්දාන්න බලයක් ජනපතිට නෑ – විපක්ෂ නායක සජිත්

ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින් වත්මන් රජය පළාත් පාලන ඡන්ද විමසීම කල් දමා ඇති බවත් එය 2025 වසර දක්වා කල් දමන බව ජනාධිපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට එවැනි බලතලයක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පොහොට්ටුව හොරුත් සමඟ දේශපාලනය කරන්නේ නෑ – ඇමති ප්‍රසන්න

පොහොට්ටුව හොරුත් සමඟ දේශපාලනය නොකරන බවත් රට බංකොලොත් කළේ විපක්ෂය බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

COP 28 සමුළුවට විශේෂ යෝජනා 03ක් – විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි

අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ “දේශගුණික යුක්ති සංසදය” ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා තුනක් මෙවර එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.