28 April 2024

දම්බරාව ප්‍රදේශයේ ජනතාවට පානිය ජල පහසුකම් ලබා දෙයි

දීර්ඝ කාලයක් පානීය ජලය නොමැතිව මහත් අපහසුතාවයට පත්වසිටි යටවත්ත දම්බරාව ප්‍රදේශයේ ජනතාවට පානිය ජල පහසුකම් විසල් මාතලේ ජල ව්‍යාපෘතිය යටතේ ලබා දිම ඉකුත්දා සිදු විය.

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන 04ක් ලගදීම ජනතා අයිතියට – ඇමැති ප්‍රසන්න

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන 04ක් ලගදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය කෙරේ

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය විවෘත කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

රාජ්‍ය ආරක්‍ෂක කටයුතු සඳහා වන උසස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර හමුව රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හිදී

රාජ්‍ය ආරක්‍ෂක කටයුතු පිලිබඳ සාකච්ජා කිරීම සඳහා වන 12 වැනි ජාත්‍යන්තර හමුව ලොව පුරා රටවල් නියෝජනය කරන උසස් නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2024 අප්‍රේල් 22 සිට 25 දක්වා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හිදී පැවැත්වේ.

උමා ඔය ව්‍යපෘතියේ ජනතාවට ලබා දීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ හිමිවිය යුතුයි – මන්ත්‍රී චන්ද්‍රසේන

මෙම උමා ඔය ව්‍යාපෘතිය මඟින් මෙගා වොට් 120 විදුලි ධාරිතාවක් රටට ලබාදෙන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එහි පූර්ණ ගෞරවය හිමිවියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඇමැති විජයදාස සහ දුෂ්මන්තට වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාට පක්ෂයේ කටයුතු අත්හිටුවමින් අද (24) දින කොළඹ දිසා අධිකරණය මගින් මැයි මස 08 වන දින දක්වා වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.‍

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කෙරේ

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) සිදු කෙරිණ.

නිදහස් පක්ෂය සම්බන්ධයෙන් අධිකරණ තීන්දු කිහිපයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණ.

වීරසේන ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

වීරසේන ගමගේ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (24) දිවුරුම් දුන්නේය.