14 May 2024

වතු කම්කරුවාව මෙවරත් රජය අතරමං කළා -මන්ත්‍රී සුජිත්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපතිවරයා කම්කරු දිනය දා ප්‍රකාශ කළත් එය තවමත් ක්‍රියාත්මක වී නැති බවත් රජය මෙවරත් වතු කම්කරු ජනතාව රවටා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසයි.

නව සන්ධානයේ හම්බන්තොට රැස්වීම ජුනි පලමු සතියේදී .. ඒ ගැන මන්ත්‍රීවරුන් පිරිසක් අද සාකච්ඡාවක

පාර්ලිමේන්තුවේ ස්වාධින වු මන්ත්‍රි කණ්ඩායමක් එක්ව ගොඩ නැගු නව සන්ධානයේ හම්බන්තොට රැස්වීම පිලිබඳ අද (14) සාකච්ඡාවක් කොළඹ පැවැත්විණ.

බාර් පර්මිට් ගන්න අයට දඩුවම් කරන්න ගියොත් විපක්ෂයක් නැති වෙයි – රාජ්‍ය අමාත්‍ය රංජිත්

මත්පැන් බලපත්‍ර අයදුම්කර ඇති මන්ත්‍රීවරුන්ට දණ්ඩනය පැනවීමට ගියහොත් විපක්ෂ නායකවරයාට මන්ත්‍රීවරුවන් කී දෙනෙකු ඉතිරිි වේදැයි කිව නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අස්වැසුම හිමි නොමිලේ දුන් සහල් දුන් නොගත් අය හඳුනා ගැනීමට වාර්තාවක් කැඳවයි – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින එහෙම රජය නොමිලේ සහල් ලබා ගැනීම සඳහා නොපැමිණි පිරිස සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ලාදුරු රෝගයට බය වෙන්න අවශ්‍ය නෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල

ලාදුරු රෝගය යනු බිය විය යූතු නැති රෝගයක් බවත්, එම රෝගින් ‌සමාජයෙන් කොන් නොකළ යුතු බවත්, රෝගියෙකුට ප්‍රතිකාර ආරම්භ කර දින දෙකකින් පසු තවත් පුද්ගලයෙකුට රෝගය බෝකිරීමේ හැකියාව නැතිව යන බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

මෙරටින් යන සෑම විදේශ සංචාරකයෙකුටම තේ තෑග්ගක් – ඇමැති මහින්ද අමරවීර

මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිලිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා යෝජනා කළේය.

විමල්ගේ “රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” ජනගත කිරීම 16 වැනිදා

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත,”රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” ජනගත කිරීම, කොළඹ 07 පිහිටි ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී(ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) 2024 මැයි මස 16 වැනිදා සවස 3:00ට සිදු කිරීමට නියමිතය.

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ජනපති හමු වෙයි

මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිටත්වන අපේ කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු සමාගම්වලට නීතිමය පියවර ගන්නවා – ඇමැති ජිවන්

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසයි.