14 May 2024

ඩයනාගේ මෙරට පුරවැසිභාවයේ නඩු තීන්දු හෙට

ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව හෙට (08) උදේ 10ට ලබා දෙන බව දැනුම් දී ඇති බව එම නඩුව සම්බන්ධ සියළු පාර්ශවයන්ට දැනුම් දී තිබේ.

මහින්ද රටට හොඳ කරයි… බැසිල්ගේ රැස්වීමට ගිය ප්‍රසන්න කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට තවත් කාලය තිබෙන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එක්සත් රාජධානියේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂවරයා සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor)සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදු විය.

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නැහැ – ඇමති ප්‍රසන්න

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මහ දවාලේ ජාතික දේපල හා සම්පත් මංකොල්ලකන යුගයක් මේක – විපක්ෂ නායක සජිත්

බංකොලොත් රටෙත් දුෂණය වංචාව හොරකම වැඩි වී ඇති බවත් විසා ලබා දෙන මගඩියත්, කුප්‍රකට දේශීය හා ජාතික සම්පත් මංකොල්ලකන ක්‍රියාදාමයක් බවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා BMICH හිදී – ඇමැති රමේෂ්

ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය “Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) දී පැවැත්වෙන බවත් එහි සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන බවත් කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

සංචාරක වීසා ගාස්තුව පැරණි අගයටම – අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට අද (06) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය කෙරිණි.

‘දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා’ ප්‍රදර්ශනය පුලතිසි පුරවරයේදී තවදුරටත්

දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීම සඳහා මේ වන විට ගිරිතලේ ජයන්තිපුර විහාරයේ තැන්පත් කොට තිබෙන අතර, හෙට (07) දින උදෑසන දක්වා එම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය සඳහා කටයුතු සුදානම් කොට ඇත.

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීම් නාම ලේඛණය වෙබ් අඩවියට නිකුත් කෙරේ – රාජ්‍ය අමාත්‍ය අශෝක

ග්‍රාම නිලධාරි 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 1942 දෙදෙනෙකුගේ නාම ලේඛනය අද ( 06) නිකුත් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි.

නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කර ඇති ව්‍යාපෘති 11 ක වැඩ කඩිනමින් අවසන් කරන්න – ඇමති ප්‍රසන්න

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වැඩ ආරම්භ කර ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය.