9 May 2024

ධූරවලින් ඉල්ලා අස් වූ ඇමැතිවරු යළි ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ යළි නව අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන්හ.

ජනාධිපතිවරණය එක තත්පරයක්වත් කල් දාන්න ඉඩ දෙන්නේ නෑ – මන්ත්‍රී රෝහිත කියයි

පළාත් සභා ඡන්දය නොතියන්න පසුබිම සකස් කරල දැන් පළාත් සභා ඡන්දයක් ගැන කතා කිරීම විහිළු සහගත බවත් ජනාධිපතිවරණය එක තත්පරයක්වත්, එක විනාඩියක්වත් ,එක දවසක්වත්, එක සතියක් වත් කල් දාන්න ඉඩ නොතියන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

සජිත් ගැන කියන බොරු – ඇමැති රවි

එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන අපේක්ෂකයා විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරවන්න කටයුතු කරන බවත් නමුත් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 76 කගෙන් 66 ක්ම 76කින් 66ක් සජිත ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කලා කියන එක අමූලික බොරුවක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

ජාතික නායකත්වයට කිරිඇල්ලගේ නම යෝජනා කරන බව වෙලුකුමාර් කියයි

ඉදිරි මැතිවරණයේදී අවශ්‍ය ජාතික නායකත්වය සඳහා ලක්ෂමන් කිරිඇල්ල මහතා ඉහලින්ම යෝජනා කරන බවත් එම ජාතික නායකත්වය කදුරටට ලබා ගැනීමට සියලු සුළු ජාතික පක්ෂ සුදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලුකුමාර් මහතා පවසයි.

ජාතික පාසල්වල පවත්නා විදුහල්පති පුරප්පාඩු පිරවීමට පියවර

සක්‍රීය පාසල් පද්ධතියක් පවත්වා ගනිමින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ගුණාත්මක ව සංවර්ධනය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ වැඩසටහන් රැසක් මෑතකාලීන ව ක්‍රියාවට නංවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට

බගවන්තාව, කෙසේගමු ඔයෙහි බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු ඊයේ (28) උදැසෑන බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

1952 මෙරට ගෙන්න වු තට්ටු දෙකේ බස්රථය පුනරුත්ථාපනය කර මගී ප්‍රවාහනයට එක් කරයි

1952 දී මෙරටට ගන්න වූ බ්‍රිටිෂ් ලේලන්ඩ් වර්ගයේ තට්ටු දෙකේ බස්රථයක් පුනරුත්ථාපනය කර මගී ප්‍ර‍වාහනයට එක් කිරිම අද පැවැති ගමට අගයක් මගී ජන මිතුරු සේවාව සහ ප්‍ර‍දර්ශනයේදී ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදු විය.

අයහපත් දේශගුණය හමුවේ දකුණු පලාතේ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රශංසනීයයි

පසුගිය 19 දා දකුණු පළාතේ ඇතිවූ අයහපත් දේශගුණික තතත්වයන් හමුවේ සිදුවූ ස්වභාවික විපත් තත්තවය හේතුවෙන් හානියට පත් නිවාස 174,000 කට පමණ දින 5ක් වැනි ඉතාම කෙටි කාලසීමාවකින් විදුලිය යථා තත්ත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණඩලයේ දකුණු පළාත් බාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රමුණ සේවක පිරිසට හැකිවීම ඉතාමත් ප්‍රශංසනිය බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා […]

බංගලි පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් …… මාලිංග එක්දින පිටියෙන් සමුගනි

ශ්‍රී ලංකා – බංගලාදේශ ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ලකුණු 91කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) දින සමත් වුණා. මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගේ එක්දින පිටියේ සමුගැනීමේ සාදය වර්ණවත් විය.

ක්‍රිකට් ක්‍රිඩාව රැක ගන්න මාලිංගත් මාත් එක්ක එකතු වෙයි ..! අර්ජුන

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට තමන් හා ලසිත් මාලිංගද එක්වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විශ්වාසය පළ කරයි.