9 May 2024

නුපන් දරුවන් වෙනුවෙන් මහින්ද යළි සටනට

මව්බිමේ අනාගතය සහ නූපන් දරුවන් වෙනුවෙන් දේශද්‍රෝහී රජය පරාජයට පත් කිරීමට සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නව පෙරමුණ යටතේ ඉදිරි වසර 5 රට ඉදිරියට ගෙන යනවා – අගමැති

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව සන්ධානයක් ලබන මස 05 වන දා බිහි කරන බවත්,සන්ධානගත වන සියලු දේශපාලන පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් බිහිකරන නව පෙරමුණ මගින් ඉදිරි වසර 5 තුළ දී රට ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

උපාධිධාරීන් 5,000ක් ගුරුවරුන් සේවයට එක්කරගන්නවා – ඇමැති අකිල  

එළඹෙන අගෝස්තු පළමුවැනි දා රජය උපාධිධාරීන් 15,000කට රැකියා ලබාදෙන බවත්,ඔවුන් අතරින් 5,000ක පිරිසක් ගුරුවරුන් ලෙස පාසල් අධ්‍යාපන පද්ධතියට එක්කරගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මාලිංගගේ වැඩ බලන්න ….. කුලේ එනවා…  

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරඟය අද (26) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.  මෙරටින් බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගේ එක්දින තරඟ දිවියේ අවසානය අද දින වීම මෙහි විශේෂත්වයකි. එසේම අද තරඟය ද ඔහුගේ නමින් නම් කර තිබේ.

වෛද්‍ය සාෆිට ඇප

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබලදීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි හට ඊයේ (25) දින ඇප මත මුදා හැරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

රන්ජන්ගේ කතාව ගැන විමර්ශනයට අගමැති ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය විෂයයෙහි දක්වා ඇති අදහස් හා ඊට සම්බන්ධව ඔහුගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර ඇති වීඩියෝ පිළිබඳව විමර්ෂණය කරලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.

ඉරානයට තේ අපනයනය කිරීමේ නව ක්‍රියාවලිය පිළිබද සාකච්ඡාවක්

ඉරානයෙන් ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ඉරානයට ගෙවීමට ඇති මුදල් තේ අපනයනය හරහා පියවීමට සියලු පාර්ශවයන් එකඟ වූ අතර ලබන අගෝස්තු මස අවසන් වීමට පෙර මෙම නව ක්‍රමය යටතේ ඉරානයට සිලෝන් ටී අපනයනය කිරීම ආරම්භ කිරීමට හැකිවනු ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

ජනපති අපේක්ෂකත්වය වෙනත් පක්ෂයේ කෙනෙකුට දෙන්න අපි ලැස්ති නෑ  

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගැටළුවක් පවතින නමුත් වෙනත් පක්ෂයකට ජනාධිපති අපේක්ෂක ධූරය පිරිනැමීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත්ම සූදානම් නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම මහතා පවසයි.

කෘෂිකර්මාන්තයක් බවට පත්විය යුතු කාලය එළැඹි ඇති බව කථානායක කරු කියයි (ඡායාරුප)

ඉදිරියේදි ලෝකයා මුහුණදෙන ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ ගැටලුවලට ශක්තිමත් ජාතියක් ලෙස මුහුණදිම සඳහා සාම්ප්‍රදායික “කෘෂිකර්මය යෝධ පිම්මක් ඉදිරියට පැන කෘෂිකර්මාන්තයක් බවට පත්විය යුතු බවත්”, විශේෂයෙන් එහිදි නවීන කෘෂි තාක්ෂණික ශිල්පක්‍රම වහ වහා ග්‍රහණය කරගත යුතු බවත්, කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

මල්ටිලැක් වෙතින් රුහුණු කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයට සම අනුග්‍රාහකත්වය

සංහිඳියාවේ සැබෑ පණිවිඩය ලොවට විදහාපාමින් ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය ‘‘සුරිඳුනි කතරගම – සුරකිමු සමගි දම’’ තේමාව යටතේ ජූලි 3 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්විය.