9 May 2024

IMF ගැන පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්න – එජාප නායක රනිල්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වහාම විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිදහස් පක්ෂය අයින් වෙනවානම් මාත් අයින් වෙනවා – ඇමැති නාමල්

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සිදු කර ඇති යෝජනාව අනුව අමාත්‍ය මණ්ඩලය අඩු කිරීම එම පක්ෂයෙන්ම ආදර්ශයක් ලබා දෙන්නෙම් තමා ද ඇමැති ධුරය අතහැරිමට සුදානම් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මාතලේ ඇවිදින මංතිරුව විවෘත කෙරේ

දැයක් නගන සියක් නගර වැඩසටහන යටතේ මාතලේ මහ රෝහල අසළ ඇම්.සි පාර ඉදි කළ ඇවිදින මංතිරුව විවෘත කිරිම මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති, පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා සිදු විය.

පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමේ බාධා ඉවත් කරන්න – අගමැති

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමට පවතින බාධාවන් ඉවත් කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතාට උපදෙස් දුන්නේය.

පාපකාරී ආණ්ඩුවට එරෙහි සාපය ගෙයක් ගෙයක් ගානේ ඇහෙනවා – විපක්ෂ නායක සජිත් කියයි

ගෙයක් ගෙයක් ගානේ ඇහෙන්නේ මේ පාපකාරී ආණ්ඩුවට එරෙහිව සාප කිරීම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගාලු කොටුවේ ඉපැරණි ගබඩා ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුවේ සංරක්ෂණය කටයුතු අරඹයි

ගාල්ල කොටු පවුරේ බාලදක්ෂ මාවතේ පිහිටි පිවිසීමේ දොරටුවේ කඩා වැටීමට ආසන්නව තිබූ යකඩ දොරවල් දෙක ගලවා සංරක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

උකුවෙල ඇවිදන මංතිරුවට විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ විරෝධයක්

රට හදන සෞභාග්‍ය වැසටහන යටතේ දැයක් නගන සියක් නගර සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් එක්කෝටි අසුලක්ෂයක වියදමින් උකුවෙල නගරයේ ඉදිකරන ලද ඇවිදින මංතිරුව ඇස්තමේන්තුව අනුව වැඩ නිම කර නොමැති බවට උකුවෙල ප්‍රාදේශිය සභාවේ සභාපති,උප සභාපතිවරයා ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් ඊයේ(25) දහවල් මංතිරුව අසළදි විරෝධතාවයක නිරත විය.

රසායනික පොහොර නොගෙන්වීම නිසා රටට විශාල ප්‍රමාණයක් ඩොලර් ඉතුරු වුනා – ඉඩම් ඇමති එස්.එම් චන්ද්‍රසේන

කාබනික පොහොර හා රසායනික පොහොර හුවමාරුවේදී ගොවි ජනතාවගේ අස්වැන්න 25% ක්, 30% ක් පොදුවේ අඩු නමුත් පොහොර ගෙන්වන්නට යන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරි වීම නිසා අස්වැන්න අඩු වීම හා ඩොලර් පාවිච්චිය අතර බැලූ විට ලොකු පාඩුවක් සිදු වී නැතැයි ඉඩම් ඇමති එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.

කාන්තාවන්ගේ දේශපාලන අයිතීන් වෙනුවෙන් ජාලගත විය යුතුයි – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක් සහ ඡන්ද බලයෙන් 56% ක් හිමිවූ කාන්තාවන්ගේ දේශපාලන අයිතීන් වෙනුවෙන් කාන්තාවන් ලෙස ජාලගත වීම වැදගත් වන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.