9 May 2024

අලුත් අවුරුද්දට විශේෂිත ප්‍රවාහන සැලසුමක්- ජාතික ගමනාගමන කොමිෂන් සභාව

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල සිට අපහසුතාවකින් තොරව සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිස පොදු බස් සේවාවක් යෙදවීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

රාමසාන් උත්සවය වෙනුවෙන් රටඉදිවල බද්ද අඩු කෙරේ – මුදල් අමාත්‍යංශය

එළැඹෙන රාමසාන් උපවාස වෙනුවෙන් මුස්ලිම් ජනතාවට සහන සැළසීම සඳහා රටඉඳිවලට ක්‍රියාත්මක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩුකර තිබෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් (S. Jaishankar) අද (28) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

රට හදන්න ලොක්කාන්ට තේරෙන්නෙ නැතිනම් ගමෙන් පටන් ගන්න – රාජ්‍ය ඇමැති දුමින්ද

රට හදන්න ලොක්කොන්ට, පක්ෂ වල නායකයින්ට තේරෙන්නේ නැත්නම්, ගමේ ජනතාවගේ හඩින් පටන් ගන්න අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

තහනම් ධීවර දැල් කිලෝ ග්‍රෑම් 1418ක් සමඟ සැකරුවෙකු මන්නාරමේදී අත්අඩංගුවට

මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේ ඊයේ (27) දින ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නිවසක නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ තහනම් ධීවර දැල් (Monofilament Nets) කිලෝග්‍රෑම් 1418 ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අමාරු කාලයක් වුණත් ජනතාවට ලැබිය යුතු වරප්‍රසාද ලබා දෙනවා – අගමැති

අපට අමාරු කාලයක් තියෙන්නෙ, නමුත් ජනතාවට දෙන වරප්‍රසාද ඒ නිසා අඩුකරන්න පුළුවන්කමක් නොමැති බවත් අපිට හැකි හැම දෙයක්ම ලබාදෙන්න රජයක් වශයෙන් අප ඊට බැඳි සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මොස්කව් – කොළඹ සෘජු ගුවන් ගමන් නතර නොකරන්න – රුසියානු හිටපු තානාපති උදයාංග

ජාතික ගුවන් සේවයේ මොස්කව් – කොළඹ සෘජු ගුවන් ගමන්, බටහිර මතවාදීන්ගේ නියෝග මත නතර නො කරන ලෙස රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග මහතා ඉල්ලා සිටි.

රටේ වත්මන් තත්වයට දේශපාලනඥයින්,රාජ්‍ය නිලධාරින් නායකහිමිවරුන් වගකිව යුතුයි – මාතලේ සංඝනායක හිමියෝ

වර්තමානයේදි රට මුහුණ දි ඇති අර්බුදකාරි තත්වයට ප්‍රධාන පෙළේ දේශපාලනඥයින්,ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින් සහ ප්‍රධාන පෙළේ නායකහිමිවරුන් යන පාර්ශව තුන වගකිම් බාර ගත යුතු බව මහල‍කොටුවේ විමලධම්ම සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක හිමියෝ පැවසුහ.

මෙරට ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ගැන ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභිකයන්ගෙන් අතර සාකච්ඡාවක්

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා , ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් පසුගිය 24 වනදා දින කොළඹ දී හමුවිය.