9 May 2024

අර්බුද හමුවේ ඉවසමු.. 05 වෙනිදායි පසුව යථාතත්ත්වයට පත් වෙයි – ඇමැති දිලුම්

ඉන්දීය ණය ආධාර ක්‍රම යටතේ අවශ්‍ය ඉන්ධන ලැබීමෙන් පසුව 05 වනදායි පසුව යථා තත්වයට පත්වෙයි යැයි විශ්වාස කරන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

රැට බැන්නාහම උදේට ප්‍රශ්ණ විසදෙන්නේ නෑ – රාජ්‍ය ඇමැති දුමින්ද

තෙල් වැඩිවුනා කියලා රැ රුපවාහිනිය බලලා ඇට්ටි හැලෙනකම් බැන්නාට උදේට ඒ වැඩිවුන ගානට තෙල් ගැනීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානාක මහතා පවසයි.

සදාහරිත සමාගමේ අලෙවි වෘත්තිකයන් SLIM NASCO සම්මාන 4කින් පිදුම් ලබයි

අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැඩසටහන වන NSCO (National Sales Congress) සම්මාන ප්‍රධානෝත්සවයේදී මෙරට ප්‍රමුඛතම අගාවුඩ් සන්නාමය වන “සදාහරිත” සමාගමේ අලෙවි වෘත්තිකයින් රන් සම්මාන ඇතුළු සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය.

ඉන්ධන අර්බුදය ක්‍රමනුකූලව විසඳනවා – ඇමැති ලොකුගේ

අර්බුදයක් බවට පත්වූ ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව පත්වුණු අපහසුතාව අවම කර ගනිමින් හැකි ඉක්මණින් ක්‍රමානුකූලව එම ගැටලුව විසඳීමට පියවර ගනිමින් සිටින බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

හරිත ලංකා ජාතික ගෙවතු වගා සංග්‍රාමයට යුද්ධ හමුදාව එක් වෙයි

රජයේ ආයතන පරිශ්‍රවල සහ ඉඩම්වල ගෙවතුවගාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් වූ හරිත ලංකා ජාතික ගෙවතුවගා සංග්‍රාමයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා එක්විය.

හිටපු ජනපතිට දුන් නිවස ගැන ඇමැති මණ්ඩලය දුන් තීරණය අත්හිටුවයි

කොළඹ පැජට් පාරේ නිවෙසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් අද (29) නිකුත් කෙළේය.

බලශක්ති අර්බුදය සංචාරක කර්මාන්තයට බලපෑමක් නොවිය යුතුයි – සංචාරක ඇමැති

රට තුළ උද්ගතව ඇති බලශක්ති අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා සුදුසු වැඩපිළිවෙලක අවශ්‍යතාව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පොල්පිතිගම, මාඑළිය ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් පාලනයට නාවික හමුදා සහාය

පොල්පිතිගම, මාඑළිය ප්‍රදේශයේ දිගිලිය කන්ද රක්‍ෂිතයේ පසුගිය 27 වනදා රාත්‍රීයේ හටගත් හදිසි ගින්නක් පාලනය කිරීම සඳහා නාවික හමුදාව සහය ලබා දී තිබේ.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඇමෙරිකාවේ සහාය

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) පවසයි.