16 May 2024

වතු සේවකයින්ට රුපියල් බිලියන 05 ක හිඟ ETF , EPF ගෙවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

වතු සේවක මහත්ම මහත්මීන්ට ගෙවිය යුතු සේවක භාරකාර අරමුදල් සහ සේවක අර්ථසාධක අරමුදල් , රජයේ මුදලින් ප්‍රතිලාභීන්ට ගෙවීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට අද (29) ඉදිරිපත් කරන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

‘සමගි රටක් අනගි හෙටක්‘ තේමාවෙන් සජබ මැයි දින රැළියට සියලු කටයුතු සූදානම් – මුජිබර් රහුමාන් 

‘සමගි රටක් අනගි හෙටක්‘ තේමාවෙන් පවත්වන සමගි ජන බලවේගයේ මැයි දින රැළිය ලක්ෂයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට මේවන විට සියලුම කටයුතු සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.

රනිල් ජාතික නායකයා අපේ රට ආසියාවේත්, ලෝකයේත් ඉහළ තැනක ඔසවා තබාවී – මන්ත්‍රී වජිර

ජාති, ආගම්, කුලමල ආදී වශයෙන් බෙදී වෙන් නොවී ශ්‍රී ලාංකිකයින් ලෙස එකට එකතුව ක්‍රියා කරන්නේ නම් රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා අපේ රට ආසියාවේත්, ලෝකයේත් ඉහළ තැනක ඔසවා තබාවී යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

රටේ ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව තීරණය කළ යුතුයි – ජනපති

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ආරම්භ කිරීමට පියවර  

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි  වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම උප ලේකම්වරිය ජනපති හමු වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති ධුරය මහාචාර්ය චන්නට

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා තේරී පත් වු බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩල නියෝජිතයින් හා සුව ඇමති අතර විශේෂ සාකච්ජාවක්

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩලයේ (NCPM) නියෝජිතයින් සමඟ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විශේෂ සාකච්ජාවක් අද (26) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී, පැවැත්විය.