2 May 2024

බාර් ලයිසන් ගැන අසත්‍ය චෝදනා එල්ල කළ ස්වාමින් වහන්සේට විරුද්ධව නීතිමය පියවර ගන්නවා -සජබ මහලේකම් රංජිත්

තමා මත්පැන් අලෙවිසැලක් සඳහා බලපත්‍රයක් ලබාදුන් බවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එම චෝදනාව එල්ල කළ ස්වාමීන් වහන්සේට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

NPP නොවේ මොන විදිහට පැමිණියත් එය මිනී මරපු ජනතා විමුක්ති පෙරමුණම තමයි – මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

සමාජ මාධ්‍යජාලාවල මඩ ප්‍රචාර සිදුකරන තරුණ තරුණියන් වටහාගත යුතු වන්නේ ජනතා විමුක්ති පෙරමුණට මිනි මැරීමට පමණක් හැකියාව ඇති බවත් වැඩකිරීමේ ශක්තියක් ඔවුන් සතුව නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිතව කිසිදු ගැටළුකාරී තත්ත්වයක් වාර්තා වී නැහැ – රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත්

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් වර්ෂාපතනය සමඟ ඇති වන කුඩා දිය ඇලි පෙන්වමින් ඇතැමුන් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දරණ බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් මහතා පවසයි.

විදේශ රටකදී හම්බ කල මුදල් මෙරටට තැන්පත් කිරීම අනාරක්ෂිතයි – උදයංග වීරතුංග

විදේශ රටක සිට මෙරට බැංකුවල තැන්පත් කරන මුදල් අනාරක්ෂිත බව හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

හිතුවේ හොරු ගැන අහවි කියලා, ඒත් ඇහුවේ පාස්කු ප්‍රහාරය ගැන – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි

රත්නපුර ප්‍රදේශයේ පසුගිය මාර්තු මස 30 වනදා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත අද (30) පෙරවරුවේ කැඳවා තිබිණ.

ජනපති මැයි දින රැළි දෙකකට එක් වෙයි… පොහොට්ටුවේ රැලියට ආරාධනා නෑ

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (01) මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූවන් සොයන්න විශේෂ වැඩපිළිවෙළක්

අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙරටට සුවිසල් ආයෝජනයක් සිදුකරනවා – අගමැති 

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මුදල් පරිත්‍යාගයෙන් හා ආයෝජනයෙන් වසර 40 කට වැඩි කාලයක් රටවැසියාගේ විවිධ ක්ෂේත්‍රවලට ලබා දෙන ලද සහාය හා සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල 223කට රජයෙන් නිවාස – ඇමැති ප්‍රසන්න

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර භාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මැයිදින රැලිවලට ඩ්‍රෝන යානා භාවිතාකරනවානම් අවසර ලබාගත යුතුමයි – පොලිසිය

ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට (01) දිනයට පැවැත්වීමට නියමිත පෙළපාලි, රැළි සහ සැමරුම් උත්සව සඳහා ඩ්‍රෝන කැමරා භාවිතා කිරීමේදී නිසි අවසර ලබා ගත යුතු බව පොලිසිය පවසයි.