4 May 2024

පාතාලය මර්ධනය කරනවා

පක්ෂයක් නැහැ පාටක් නැහැ ආගමක් නැහැ පාතාලය මර්දනය කිරිම ආණ්ඩුව කරන බව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය පවසයි.

සභිකයින් වැඩිවීම ගැටළුවක්

පළාත් පාලන සභිකයන් ගණන වැඩිවීමෙන් ඔවුන් සියලු දෙනා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට සහභාගී වීම ගැටළුවක් විය හැකි බැවින් ඒ පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

කබීර් උත්තර දෙන්න

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අර්ථසාධක අරමුදලත් ඇතුලූ එහි අරමුදල්වල බරපතල වංචාවක් සිදුවී තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

බය නැතිව වගා කරන්න

2018 යල කන්නයේ සිට බෝග වර්ග 06ක් සඳහා ගොවීන්ගෙන් කිසිදු දායක මුදලක් අය කිරීමකින් තොරව ගොවි රක්ෂණය නොමිලයේ ලබා දීමට රජය තීන්දු කර ඇති බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.

වෙන රටක පුරවැසිභාවය ගන්නේ රටට ආදරේ නැති අයයි

පුද්ගලයකු තමන් උපන් රට අතහැර වෙනත් රටක පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ තමා උපන් දේශය පිළිබඳ ආදරයක් හෝ රට පිළිබඳ අවංක හැඟීමක් නොමැති නිසා බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද ඉදන් 16 ක් නෑ

මාධ්‍ය තුළින් 16 කණ්ඩායම සම්බන්ධයෙන් ප්‍රශ්ණ නොඅසන ලෙසත් එය විපක්ෂයේ 70 කණ්ඩායමක් ලෙස එක්ව ඇති බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන මහතා පවසයි.

බැසිල්ට විරුද්ධ නෑ

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

වන්නියේ පන්සල් රැක බලා ගන්නවා

වන්නි දිස්ත්‍රික්කයේ බෞද්ධ විහාරස්ථාන 20 ක් තිබෙන බවත්, එකී විහාරස්ථාන රැක බලාගැනීම ප්‍රදේශයේ මහජන නියෝජිතයා වශයෙන් තමාගේ වගකීමක් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

බිත්තර මිලෙත් මාෆියාවක්

මේ වන විට වෙළදපොලේ බිත්තර මිල සීග්‍රයෙන් වැඩි වී ඇති අතර එහි පිටුපස විශාල මාෆියාවක් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මහ දවාලේ දුෂණය වුණා – ඥානසාර හිමියන්

තමන්ට එරෙහිව පැවැති නඩුවේදී ලබා දුන් නඩු තීන්දුව සමඟ අධිකරණය හැල්ලුවට පත් වුවා පමණක් නොව නීතියේ දෙවගන දුෂණයට ලක් වු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.