2 May 2024

අපි වචනයේ පරිසමාප්ත අර්ථයේම අංක එක බව විපක්ෂනායක සජිත් කියයි

අධ්‍යාපනයෙන් හා සෞඛ්‍ය අංශයේ මෙරට ජනතාවගේ අවශ්‍යතා සපුරන බලයක් නොමැති විපක්ෂයක් වශයෙන් තම පක්ෂය වචනයේ පරිසමාප්ත අර්ථයේම අංක එක බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වතු ජනතාවගේ ගැටළු මා කිසිවිටෙකත් අමතක කර නැහැ – ජනපති

වතුකරයේ ජනතාවගේ ගැටළු තමා කිසිවිටෙකත් අමතක කර නොමැති බවත්, ජනාධිපතිවරයා ලෙස තමා යටතේ ඉදිරියේදී ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දෙන බවත් වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නීති විරෝධී මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1229 ක් කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව සහ පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව, කල්පිටිය මො‍හොත්තුවාරම් ප්‍රදේශයේ පසුගිය අප්‍රේල් මස 30 වන දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 1229 ක තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙ‍රිණි.

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සඳහා ඇමැති ෂෙහාන් ජොර්ජියාවට

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ජෝර්ජියාව බලා පිටත් විය.

පාකිස්ථාන නව මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාව සදහා පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ තානාපති ලෙස පත් වූ මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම්-උල්-අසීස් (විශ්‍රාමික),  ඊයේ (අප්‍රේල් 30), ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

කයිවාරුවෙන් සහ භේදබින්නවලින් තොරව තමන්ට වඩා රට ගැන සිතා අප කටයුතු කරමු – විපක්ෂ නායක සජිත්

රණසිංහ ප්‍රේමදාස මහතා පවා රටේ බලය ලබා ගත්තේ ත්‍රස්තවාදී යුද්ධ දෙකකට රට මුහුණ දෙන මොහොතක බවත් එවැනි තත්ත්වයක් පැවැතියත් එතුමා කවදාවත් රටේ සංවර්ධනය අඩපණ නොකළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය සහ කම්කරු පූජාවක්

පෙරට පැවැත්වෙන පැරණිතම කම්කරු රැලියක් වන ජාතික ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය සහ කම්කරු පූජාව 64 වන වරටත් මෙවර (01) කොල්ලුපිටිය පොල්වත්ත ශාන්ත මයිකල් දේවස්ථානයේ පැවැත්වුණි.

බාර් ලයිසන් ගැන අසත්‍ය චෝදනා එල්ල කළ ස්වාමින් වහන්සේට විරුද්ධව නීතිමය පියවර ගන්නවා -සජබ මහලේකම් රංජිත්

තමා මත්පැන් අලෙවිසැලක් සඳහා බලපත්‍රයක් ලබාදුන් බවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එම චෝදනාව එල්ල කළ ස්වාමීන් වහන්සේට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

NPP නොවේ මොන විදිහට පැමිණියත් එය මිනී මරපු ජනතා විමුක්ති පෙරමුණම තමයි – මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

සමාජ මාධ්‍යජාලාවල මඩ ප්‍රචාර සිදුකරන තරුණ තරුණියන් වටහාගත යුතු වන්නේ ජනතා විමුක්ති පෙරමුණට මිනි මැරීමට පමණක් හැකියාව ඇති බවත් වැඩකිරීමේ ශක්තියක් ඔවුන් සතුව නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිතව කිසිදු ගැටළුකාරී තත්ත්වයක් වාර්තා වී නැහැ – රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත්

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් වර්ෂාපතනය සමඟ ඇති වන කුඩා දිය ඇලි පෙන්වමින් ඇතැමුන් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දරණ බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් මහතා පවසයි.