17 May 2024

ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ ආහාර සඳහා වැය වන්නේරුපියල් බිලියන 26ක් බව ඇමැති සුසිල් කියයි

මෙරට ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් ආවරණය වන පරිදි දරුවන් ලක්ෂ 17ක් සඳහා රුපියල් බිලියන 26ක් වැය කර පාසල් දිවා ආහාර වැඩසටහන සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එළැඹෙන ජනාධිපතිවරණය තෙක් රජයේ දේපල විකිණිමට අත්හිටුවිය යුතුයි – හිටපු ජනාධිපති මහින්ද

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ලෝකයම හොඳ කිව්වත් ජේ.ආර්.ජයවර්ධනටත් වැඩ කරන්න දුන්නේ නෑ – ඇමැති මනුෂ

විවෘත ආර්ථිකය ගෝලීය වශයෙන් හඳුන්වා දුන් මාග්‍රට් තැචර් වෙනුවෙන් ලෝකයම අත්පොලසන් දෙන විට ශ්‍රී ලංකාවට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගෙනා විවෘත ආර්ථිකය පවත්වාගෙන යාමටවත් ඉඩ නොදුන් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරු පවුල්වලට ආරක්‍ෂක අමාත්‍යංශයෙන් විශේෂ වැඩසටහනක්

විශ්‍රාමික / වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සහ පරිපාලන කටයුතු සම්බන්ධව සොයා බැලීම සඳහා යුද හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් අද (11), ඉනාමළුව, 53වන පාබල සේනාංක මූලස්ථානයේදී පැවැත්විය.

කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා – ජනපති

ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රට වැටුණ අවස්ථාවේ බාර ගත්ත රනිල් කියන විදිහට වැඩ කරමු – මන්ත්‍රී වජිර

අපි සියලුදෙනාගෙම වාසනාවකට රට වැටුණු විට මේ රට බාරගන්න නායකයෙක් සිටි බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ප්‍රකාශ කරන ආකාරයට එකතු වී මේ රට ඉදිරියට ගෙනයාමට කැපවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

DIGIECON ගෝලීය ආයෝජන සමුළුව ජුනි 25 වනදා කොළඹදී –  තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක 

“DIGIECON- 2023” ව්‍යාපෘතියට සමගාමීව පැවැත්වෙන DIGIECON ගෝලීය ආයෝජන සමුළුව  ජූනි මස 25 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා නියමිත බව  තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

සෞඛ්‍ය ලේකම්වරයා ත්‍රිකුණාමලය රජයේ රෝහල් වල සංවර්ධනය වෙනුවෙන් විශේෂ නිරීක්ෂණ චාරිකාවක

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල් වල පවතින අඩුපාඩු සොයාබලා ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දින (09) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

අපේ ජනාධිපති අපේක්ෂකයා ළඟදීම කියනවා – බැසිල් රාජපක්ෂ

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන තම පක්ෂයේ අපේක්ෂකයා තවත් නොබෝ දිනකින් ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.